hit counter

2025 ජනවාරි මස 10 වන සිකුරාදා

2025 ජනවාරි 09, ප.ව. 2:01



නිසි ප්‍රමිතියකින් තොරව නීත්‍යානුකූල නොවන අන්දමින් තවදුරටත් මෙරටට සන්නිවේදන උපකරණ ගෙන්වීමට අවස්ථාවක් නොමැති බව විදුලි සංදේශ නියාමන සභාවේ අධ්‍යක්ෂ ජනරල් විශ්‍රාමික එයාර් වයිෂ් මාෂල් බන්දුල හේරත් ප්‍රකාශ කර ඇත.

මින් ඉදිරියට අදාළ සන්නිවේදන උපකරණ ගෙන්වන ආයතන සහ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින්  ඒ මහතා ප්‍රකාශ කර ඇත්තේ.

ජංගම දුරකතන ලියාපදිංචි කිරීම සදහා වෙළඳුන්ට සහ ආනයනකරුවන්ට ලබා දී තිබූ කාලය මේ මස 28 වනදායින් අවසන් වන බව  ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පසුගියදා ප්‍රකාශ කරන ලදී.

ඒ අනුව ඉමි අංකය ලියාපදිංචි නොකළ දැනට ක්‍රියාකාරි උපාංග ඉදිරියේදී දුරකතන ජාලාවල ක්‍රියාකාරි නොවනු ඇති බවට එම කොමිසම ප්‍රකාශ කර තිබේ .

ජනවාරි 28 වනදාට පෙර ඉමි අංකය ලියාපදිංචි කර ඇති ඡාල සදහා එමගින් ගැටලුවක් ඇති නොවන බවයි අධ්‍යක්ෂක ජනරල්වරයා තවදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: