hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2022 ජූලි 05, ප.ව. 3:15



කෝප් කමිටුව හමුවේ ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් කර තිබූ විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා කෝප් කමිටුව හමුවට පැමිණි අවස්ථාවේ ලබා දුන් ප්‍රකාශයට අදාල විඩියෝව ප්‍රමාද වී මාධ්‍යට නිකුත් කිරීම සම්බධයෙන් කෝප් කමිටුවේ සභාපති චරිත හේරත් මහතා පැහැදිලි කිරීමක් සිදු කරනු ලැබුවා.

ඒ ඊයේ (04) පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සාකච්ජාවකට එක්වෙමිණි.

කෝප් කමිටුවේ සිටින සභිකයින්ට විමර්ශන ඒ විදියටම මාධ්‍යට නිකුත් කරනවද යන්න තීරණය කිරීමේ හැකියාව පවතින බවත් එසේ තීරණය කළ අවස්ථාව මීට පෙර තීබු බවද සභාපතිවරයා පැවසුවා.

එලෙස මාධ්‍යට නිකුත් නොකරන්නේ එහි තිබෙන සංවේදී කරුණු සමාජය තුළ වෙන ගැටළුවක් ඇති කරයි යන පසුබිම තුළ බවද ඔහු සඳහන් කළා.

විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතාගේ ප්‍රකාශය කිසි විටකත් සංස්කරණය නොකළ බවත් එවැනි සංස්කරණය කිරීමේ බලයක් මන්ත්‍රීවරුන්ට නොමැති බවද ඒ මහතා අවධාරණය කළා.