hit counter

2026 ජනවාරි මස 02 වන සිකුරාදා

2025 ජනවාරි 26, පෙ.ව. 12:03



අදානි සමූහය විසින් පුනරීන් සහ මන්නාරම සුළං විදුලි බලාගාර රජය විසින් ව්‍යාපෘතිය අවලංගු කල බවට පලවන වාර්තා සම්පූර්ණ අසත්‍ය බව කැබිනට් ප‍්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස මහතා පවසයි.

කලින් එකඟ වූ මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සමාලෝචනයක් කිරීමට සම්බන්ධයෙන් පමණක් රජය තීන්දුවක් ගත් බවත් හෙතෙම පැවසීය.

ව්‍යාපෘතිය අවලංගු කරන්නට රජය තීන්දුවක් ගෙන නැති බවත් එකඟතාවයන් පිළිබඳව සමාලෝචනය කර රටේ ජනතාවට බලශක්ති ක්ෂේත්‍රයටත් වඩා වාසි වන ආකාරයට සමාලෝචනය කිරීම සඳහා කමිටුවක් පත් කරන ලද බවත් ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: