hit counter

2025 ඔක්‍තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා

2025 ජනවාරි 30, ප.ව. 1:21



මහජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මගින් ලබාදෙනු ලබන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක විශේෂ මිල අඩු කිරීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව, රුපියල් 230ට පැවති ආනයනික ලොකු ළූණු කිලෝවක මිල රුපියල් 220ට ද, රුපියල් 175ට පැවති පාන්පිටි කිලෝවක මිල රුපියල් 165ට ද, රුපියල් 240ට පැවති සුදු සීනි කිලෝවක මිල රුපියල් 235ට පහත දමා ඇත.

වෙළෙඳ වාණිජ, ආහාර සුරක්ශිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස පරිදි, ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහත දමන අතර දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභොගිකයින්ට අද (30) දින සිට ලබාගත හැකි බවයි.

භාණ්ඩ ලැයිස්තුව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: