2025 ජනවාරි 31, පෙ.ව. 7:58
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයට තරගය නතරකරන විට සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 44ක් රැස්කරගෙන සිටියේය.
ඒ අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 6ක් දැවී රැස්කළ ලකුණු 654ට තවත් ලකුණු 610ක් ශ්‍රී ලංකාව පිටුපසින් සිටියි.
ඔස්ට්‍රේලියානු පළමු ඉනිම වෙනුවෙන් උස්මාන් කවාජා ලකුණු 232ක් ද, නායක ස්ටීව් ස්මිත් ලකුණු 141ක් හා ජෝෂ් ඉන්ග්ලිස් ලකුණු 102ක් ද ලබා ගත්තේය.

ටෙස්ට් තරගයක ප්‍රථම වරට ශ්‍රී ලංකා පන්දු යවන්නන් 3 දෙනෙකුට මෙම තරගයේදී ලකුණු 150 ඉක්මවා ලකුණු ලබා ගත්තේය.

ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 182 කඩුලු 3ක් ද, ප්‍රභාත් ජයසූරිය ලකුණු 193 කඩුලු 3ක් හා නිෂාන් පිරීස් ලකුණු 189ක් ලබා තිබුණා.
2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47