hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2025 පෙබරවාරි 01, ප.ව. 8:14



ශ්‍රී ලංකාව හා  ඔස්ට්‍රේලියාව අතර ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 242ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය.

මෙය ශ්‍රී ලංකාව ටෙස්ට් තරගයකදී ලද අමිහිරිතම පරාජය වුණා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 6ක් දැවී රැස්කළ ලකුණු 654ට ලබා ගත්තා.

ඔස්ට්‍රේලියානු පළමු ඉනිම වෙනුවෙන් උස්මාන් කවාජා ලකුණු 232ක් ද, නායක ස්ටීව් ස්මිත් ලකුණු 141ක් හා ජෝෂ් ඉන්ග්ලිස් ලකුණු 102ක් ද ලබා ගත්තේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පළමු ඉනිමට ලකුණු 165ක් හා දෙවැනි ඉනිමට ලකුණු 247ක් පමණක් ලබා ගන්නට හැකි විය.

ඔස්ට්‍රේලියාව තරගාවලිය තරග 1-0ක් ලෙස පෙරමුණ ගත්තේය.