2025 පෙබරවාරි 03, පෙ.ව. 12:15
 
            
නැවත නිවේදනයක් යොමුකරමින්, 77වන නිදහස් උළෙල විශේෂ අවස්ථාවක් ලෙස සලකා කටයුතු කරන මෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්කර තිබූ 01/2025 චක්‍රලේඛයේ ඇතැම් කරණු ක්‍රියාත්මක නොකර ලෙස දැනුම්දී ඇත.
ඉකුත් ජනවාරි මස චක්‍රලේඛයක් මගින් දැනුම්දී තිබුණේ, නිදහස් උළෙල වෙනුවෙන් පෙබරවාරි මස 01 දින සිට පෙබරවාරි 07 වන දින දක්වා පුරා සතියක කාලසීමාවක් රජයේ ආයතන පවත්වාගෙන යන සියලුම ගොඩනැගිලිවල ජාතික කොඩිය ඔසවා තබන ලෙසයි.
එමෙන්ම පෙබරවාරි 03 සහ 04 දිනවලදී එම ගොඩනැගිලි විදුලි ආලෝකයෙන් අලංකරණය කරන ලෙසත් එම චක්‍රලේඛය මගින් උපදෙස් ලබා දී තිබුණි.
කෙසේ වෙතත් විදුලිය අරපිරිමැස්ම හා විදුලි අලංකරණය සඳහා වැයවන පිරිවැය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අදහස්, යෝජනා සහ නියෝජනයන් සැලකිල්ලට ගෙන එම චක්‍රලේඛයේ ගොඩනැගිලි විදුලි ආලෝකයෙන් අලංකරණය යන කරුණ අවලංගු කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25