2025 පෙබරවාරි 19, පෙ.ව. 12:20
 
            
රාජ්‍ය සේවකයින් සඳහා රුපියල් 20,000 වැටුප් වැඩිවීමක් ඉල්ලා එදා උද්ඝෝෂණය කළ මාලිමාවේ නායකයින් අද ආණ්ඩු බලය ලබාගෙන ඉදිරිපත් කළ මංගල අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ අපේක්ෂා සුනුවිසුණු කර දමා ඇති බව රාජ්‍ය පළාත් රාජ්‍ය හා රජයේ වෘත්තිය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අජිත් තිලකරත්න පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක කෙරෙහි රාජ්‍ය සේවකයින් විශ්වාසයෙන් බලා සිටියත් අද ඉදිරිපත් කළ අයවැය මගින් එම විශ්වාසය මුළුමනින්ම කඩ වූ බවයි, ඒ මහතා සඳහන් කළේ.
“එදා රුපියල් 20,000 ක වැටුප් වැඩිකර ගැනීමේ අරගලයට නායකත්වය දුන්නේ මේ පත්වෙලා ඉන්න ආණ්ඩුවයි. අද ආණ්ඩුව නියෝජනය කරන නායකයෝ එදා ඊට නායකත්වය ලබා දුන්නා. නමුත් ඔවුන් අද සමස්ත රාජ්‍ය සේවයේම බලාපොරොත්තු සුනුවිසුණු කර දැමුවා. මේක රාජ්‍ය සේවකයින්ට ගැසූව බරපතල කනේ පහරක් බව කිව යුතුයි.
රාජ්‍ය සේවක වැටුප් රුපියල් 15,750 කින් වැඩි කලා කීවා. නමුත් සැබෑ ලෙසම වැඩි කර ඇත්තේ රුපියල් 8250 කින් බව කිව යුතුයි. ඒ වැටුප් වැඩිවීමත් ලබා දෙන්නේ අවුරුදු තුනක කාල සීමාවක් තුළයි.
රාජ්‍ය සේවකයින් මෙහෙම අන්දවන්න එපා කියලා අපි ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට කියනවා අපිට රුපියල් 25000ක වැටුප් වැඩිවීමක් අවශ්‍යයයි. එහෙම නොවණොත් එය ලබා ගැනීමට අපට අරගල කරන්න සිදුවෙනවා.”
 
                                                        2025 ඔක්‍තෝබර් 31, ප.ව. 1:44
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 11:08
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25