hit counter

2025 පෙබරවාරි මස 25 වන අඟහරුවාදා

2025 පෙබරවාරි 19, පෙ.ව. 7:49



ඉන්දියාවේදී පැවැත්වෙන WPL T20 ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන චමරි අතපත්තු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග එක්වීම සඳහා දිවයිනට පැමිණිමට නියමිතව තිබේ.

අප් වොරියර්ස් කණ්ඩායම නියෝජනය කරන චමරි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකාවයි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මාර්තු මස 4 වනදා සිට නවසීලන්ත කාන්තා කණ්ඩායම සමග එක්දින සහ T20 තරගාවලියකට නවසීලන්තයේදී සහභාගි වීමට නියමිතව තිබේ.

ඒ වෙනුවන් ශ්‍රී ලංකා කාන්තා සංචිතය මේවන විට නම් කර තිබෙනවා.

තරගාවලිය සදහා එක්වීමට චමරී ඉන්දියාවේ සිට පෙබරවාරි මස 26වනදා දිවයිනට පැමිණිමට සැලසුම් කර තිබේ.