2025 පෙබරවාරි 21, පෙ.ව. 11:12
 
            
රාජ්‍ය සේවයේ අවම මූලික වැටුප රු. 15,750කින් වැඩි කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අයවැය කතාවේදී සඳහන් කළත් රාජ්‍ය සේවක අවම මූලික වැටුප ශුද්ධ වශයෙන් වැඩි වන්නේ රු. 8250 කින් පමණක් බවයි පැවසෙන්නේ.
මෙයට හේතුව දැනට ලබාදෙන රු. 7500ක දීමනා එම රු. 15750 ක මුදලින් අඩු වීමයි.
මේ අනුව රාජ්‍ය සේවක අවම මූලික වැටුප වැඩි වන්නේ රු. 8250කින් පමණක් බවත් එයත් සිදුවන්නේ වසර තුනක කාලයකින් බවත් කම්කරු ඇමැති හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා මාධ්‍ය කළ විමසුමකට අනුව පිළිගෙන තිබේ.
මේ අනුව මහාචාර්යවරයා පිළිගත්තේ, මේ වර්ෂයේ (2025) අප්‍රේල් මස සිට රාජ්‍ය සේවක අවම මූලික වැටුප වැඩි වන්නේ රු. 5975 කින් බවත් එසේම 2026 සහ 2027 යන වර්ෂ දෙකේදී ඉතුරු රු. 2275 ක මුදල සමානව එනම් රු. 1138 බැගින් වැඩි වන බවයි.
මේ අනුව එම රු. 8250 ක ශුද්ධ වැටුප් වැඩිවීමද රාජ්‍ය සේවකයන්ට සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ වර්ෂ 2027 ජනවාරි මාසයේ සිට බවයි පැවසෙන්නේ.
මේ අනුව රාජ්‍ය සේවක අවම මූලික වැටුප ශුද්ධ වශයෙන් වැඩි වන්නේ රු. 8250 කින් පමණක් බව සංඛ්‍යාත්මකව ගත්තොත් හරි බවද මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා තවදුරටත් පිළිගනු ලැබීය.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, ප.ව. 9:00
 
                                                        2025 ඔක්‍තෝබර් 31, ප.ව. 8:41
 
                                                        2025 ඔක්‍තෝබර් 31, ප.ව. 8:32
 
                                                        2025 ඔක්‍තෝබර් 31, ප.ව. 4:00
 
                                                        2025 ඔක්‍තෝබර් 31, ප.ව. 1:44
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25