hit counter

2025 පෙබරවාරි මස 23 වන ඉරිදා

2025 පෙබරවාරි 22, ප.ව. 2:58



මෑතකාලීනව සිදුවු පාතාල ක්‍රියාකාරකම් එක් කණ්ඩායමක් සංවිධානාත්මකව සිදුකරන ක්‍රියාවන් බව මේවනවිට හඳුනාගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (22) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

ඒ මහජන ආරක්ෂාව පිළිබඳව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ සිදුකළ සෑම වෙඩි තැබීමක් සම්බන්ධව විමර්ශන ක්‍රියාත්මක බවයි.

“රටේ ජනයාගේ මහජන ආරක්ෂාව ජාතික ආරක්ෂාව පිළිබඳව අපි වගකීමක් දරනවා. කිසිදු බිඳ වැටීමකට ඉඩ දෙන්නේ නෑ. ඒ වගේම සංවිධානාත්මක කණ්ඩායමක් මේ පාතාල ක්‍රියාකාරකම් උත්සන්න කිරීම පිළිබඳව රජයේ දැඩි අවධානය යොමු වෙලා තියෙනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: