hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2025 පෙබරවාරි 24, ප.ව. 3:10



පූජ්‍ය මුත්තේට්ටුපිට විමලකිත්ති ස්වාමීන් වහන්සේ වෙත සබරගමුව පළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය ශ්‍රී විමලාරාම මහා විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති ධුරය පිරිනමා තිබෙනවා.

ඒ, මහා විහාර වංශික කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සානු නායක කාරක මහා සංඝ සභාව මගින් පිරිනැමූ ධර්ම කීර්ති ශ්‍රී නන්දාලෝක යන ගෞරව නාමය ද සමඟින්.

කෝට්ටේ රජමහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී උන්වහන්සේට එම ධුරය පිරිනැමීමේ කටයුතු සිදු කෙරුණු අතර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි ධර්ම මහා සංඝ සභාවේ මහානායක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත ආචාර්ය ඉත්තෑපානේ ශ්‍රී ධම්මාලංකාර මහා නාහිමි, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අග්ගමහා පණ්ඩිත කොටපිටියේ ශ්‍රී රාහුල අනුනායක හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය සහ ගිහි කාරකාදිකාරීන්ගේ ද සහභාගිත්වයෙන් එම කටයුතු සිදු කෙරුණා.