2025 පෙබරවාරි 27, ප.ව. 4:50
හිටපු කථානායකවරුන් ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකු සිය සේවා කාලය තුළදී භාවිත කළ වාහන සහ ඉන්ධන සඳහා වියදම් කළ මුදල් සම්බන්ධ වියදම් වාර්තා කිහිපයක් සභානායක බිමල් රත්නායක අද පාර්ලිමේන්තුව ඉදිරිපත් කළා.
ඒ අනුව, 2024 නොවැම්බර් දක්වා කාලය තුළ කථානායක නිල නිවසේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 70ක් සිටි බවයි සභානායකවරයා සඳහන් කළේ.
2024 ජනවාරි 01 වැනිදා සිට සැප්තැම්බර් 24 වැනිදා දක්වා හිටපු කථානායකවරයා වාහන 09ක් භාවිත කර තිබෙන බවත්, එම මාස 09ක කාලයට පමණක් ඉන්ධන සඳහා රුපියල් ලක්ෂ 334ක් වැයවී ඇති බවත්, ඔහු පැවසුවා.
එමෙන්ම හිටපු නියෝජ්‍ය කථානායකවරයා වාහන 06ක් භාවිත කර ඇති අතර, මාස 09ට ඉන්ධන සඳහා ලක්ෂ 135ක් වියදම් කර ඇති බවයි සභානායකවරයා පැවසුවේ.
තවද හිටපු නියෝජ්‍ය කාරක සභා සභාපති වාහන 04ක් භාවිත කර ඇති බවත්, ඒ සඳහා ඉන්ධන වශයෙන් රුපියල් ලක්ෂ 72ක් වියදම් කර ඇති බවත්, ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
2025 මැයි 18, පෙ.ව. 12:24
2025 මැයි 18, පෙ.ව. 12:12
2025 මැයි 18, පෙ.ව. 12:12
2025 මැයි 18, පෙ.ව. 12:09
2025 මැයි 18, පෙ.ව. 12:08
18-05-25
18-05-25
18-05-25
18-05-25
18-05-25
18-05-25
18-05-25
18-05-25
18-05-25
18-05-25
17-05-25
17-05-25
17-05-25
17-05-25
17-05-25
17-05-25
17-05-25
17-05-25
17-05-25
17-05-25
17-05-25
17-05-25
17-05-25
17-05-25