hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2025 පෙබරවාරි 28, පෙ.ව. 10:18



කරණීය මෙත්‍ත සූත්‍රය ඇසුරින් රචනා කරනු ලැබූ මෙත් සුතුරෙන් නිවන්පුරට නම් කෘතිය පහුගියදා ගාල්ල සංඝාරාම විහාරස්ථානයේදී එළිදක්වනු ලැබීය තුන් සූත්‍රයේ අවසන් සූත්‍රය වන කරණීය මෙත්ත සූත්‍රය විවරණය කරමින් එය විග්‍රහ කරමින් වෙනස්ම වූ අයුරකින් පූජ්‍ය වල්පොළ අනුරුද්ධ නා හිමියන් විසින් මෙම ග්‍රන්ථය රචනා කර තිබේ.

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ river side සම්බුද්ධා ලෝක විහාරස්ථානයේ ගත කළ කාල සීමාව තුළ ආශ්‍රය කළ ස්වාමීන් වහන්සේලාගේ ලක් ධර්මය දැනුම් පාදක කර ගනිමින් මෙම ධර්ම ග්‍රන්ථය නිර්මාණය කර තිබේ.

කෘතිය එළිදැක්වීමේ අවස්ථාව උදෙසා ගාලු,මාතර,හම්බන්තර තෙපළාතේ අධිකරණ සංඝනායක පූජ්‍ය හබරකඩ සෝරත නාහිමි,river side සම්බුද්ධා ලෝක විහාරාධිපති පූජ්‍ය වතෝගල සරණසිරි ස්වාමීන් වහන්සේ,වෙස්ට් වර්ජීනියා භාවනා මධ්‍යස්ථාන කෘත්‍යාධිකාරී පූජ්‍ය ඇත් කදවග සද්ධා ජීව ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ඇතුළු ගිහි දායක පිරිසද මෙම අවස්ථා උදෙසා එක්ව සිටිනු ලැබීය.