hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2025 පෙබරවාරි 28, ප.ව. 11:45



ඉන්ටර්නැෂනල් මාස්ටර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමග තරගය කඩුලු 3කින් ජය ගැනීමට ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම සමත් විය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා මාස්ටර්ස් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 217ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම පන්දුවාර 19.2කදී කඩුලු 7ක් දැවී ලකුණු 222ක් ලබා තරගය ජය ගත්තා.

උපුල් තරංග ලකුණු 102ක් ද,ලහිරු තිරිමාන්න ලකුණු 53ක් ලබා ගන්නට සමත් විය.

ඉසුරු උදාන ලකුණු 15ක් හා සීක්කුගේ ප්‍රසන්න ලකුණු 16ක් ලබා ගත්තේය.