hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2022 ජූලි 07, ප.ව. 8:18



අම්බලන්තොට නගරයේ සහ ඒ අවට තෙල් පෝලිම් වල සිටින තරුණ පිරිස් වලට බෙදා හැරීමට ගෙන්වන ලද මත් කුඩු ග්‍රෑම් 15යි මිලි ග්‍රෑම් 300ක් සමඟ කාන්තාවක් ඇතුළු තරුණයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලීසිය පවසා සිටිනවා.

දැනට මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් මෙහෙයවන ලද මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට ඔහුගේ අනියම් බිරිඳ යොදා ගෙන මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වන බවට තොරතුරු ලැබී ඇති බව පරීක්ෂණ වලින් හෙලී වී ඇතැයි අම්බලන්තොට පොලිස් ස්ථානාධිපති මූලස්ථාන පොලිස් පරීක්ෂක ජගත් විජේගුණරත්න මහතා කියා සිටියා.

අම්බලන්තොට නෝනගම ඇඹිලිපිටිය මාර්ගයේ නුගසෙවන ප්‍රදේශයේ විදුලි කනුවක් අසල සඟවා තිබූ මත් කුඩු සහිත බෑගය එම ස්ථානයෙන් රැගෙන ගොස් ඇති බවට අම්බලන්තොට පොලීසියට ලද තොරතුරක් මත සිදු කල පරීක්ෂණවලදී මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කොටු කර ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.