2025 මාර්තු 12, ප.ව. 12:42
‘මායාවි’ ටෙලි නිර්මාණය තුළින් මේ දිනවල වඩාත් කතාබහට ලක්වන, ජනප්‍රිය රංගන ශිල්පිනි දුශේනි මියුරංගි සම්බන්ධව සටහනක් ඊයේ (09) සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක් වුණා.
සටහන තබා තිබුණේ, ‘මායාවි’ හි සහය අධ්‍යක්ෂකවරයා විසින්.
ඔහු සිය සටහනින් දුෂේනි හට දන්වා තිබුණේ, හැකි ඉක්මනින් මායාවි නාට්‍ය කණ්ඩායම අමතන ලෙසයි.
මේ සම්බන්ධයෙන් දුශේනි සිය මුහුණුපොතේ සටහනක් තබා තිබෙනවා.
එම සම්පූර්ණ සටහන පහතින් ,
සුබ දවසක් වේවා මා හිතාදර රසික රසිකාවනි,
මා අද දින වන විට ඉන්න තැන, මේ රසිකත්වය, මේ ආදරය මා හට ලැබුනේ සියලුම දේ ලැබුනේ මාගේ ප්‍රේක්ෂකයා වන ඔයාලා නිසා කියා මා සිතනවා ඒ වගේම ඒ ආදරය හැමදාම ඔයාලා මට දෙන බව මට විශ්වාසයී…
මා මෙම පොස්ට් එක දාන්නේ.. ඔබ සියලුම දෙනා දැනුවත් කීරීම පමනක් වන අතර.. කිසිදු කෙනෙක් හට අපහසයක් හෝ අපහසු තාවයකට පත් කිරීමට නොව.. මා ගැන දැමු පොස්ට් එකක් නිසා මට ඇතිවූ අපහසු තාවයක් සහා මාගේ දෙමාපියන් ඒ නිසා වූ අපහසුතාවය නිසාම පමණකි…
2025.03.07 වන දින “මායාවී ” ටෙලිනාට්යේ වැඩ කිරිමට යෙදි තිබුනේ.. ඊට පසු දිනයන් හී මා ප්‍රධාන චරිතයෙන් දායක වන මාගේ අළුත් ම ටෙලි නාට්‍යක රූපගත කිරීම තිබුනු නිසා මා හට එමගින් ඇති වූ මහන්සියට මට අසනීප වී තිබුනි..
එසේ තියා “රාජකාරිය දේව කාරිය” කියා සිතා මා මට යෙදි තිබුන දිනයට පැමිනියේය.. නමුත් එදින මට අපහසු තාවයක් සහා අසනීප තත්වයකට දැනුනු නිසා මා ටෙලි නාට්‍ය නිශ්පාදක තුමාට එය දැනුවත් කර කියා සිටියේ මා හට අසනීප නිසා මාහට දින දෙකක නිවාඩු කාලයක් දෙන ලෙස ඉල්ලා සිටියේය… ඒ අනුව මා ඒමට යෙදි තිබුනේ මාර්තු මස 10 වන දිනය… ( මා සිතනවා මා හට ඇති අසනීප තත්වය මා දැනුවත් කර සිටියද මා ඒ අසනීපය කුමක්ද කියා දැනුවත් කිරිම අවශ්‍ය නැති බවය.. මොකද එය පෞද්ගලික මතයක් නිසා…
මා මාර්තු මස 10 වන දින ආපසු ඒමට යද්දි තමා මා දැක්කේ මා ගැන ෆේස්බුක් පිටුවක පළවූ සටහනක් ( එයා මා මෙයට දාන්නම්)
එය සටහන් වූයේ
” දුශේනි මියුරංගි ඉක්මනින් මායාවි නාටය කන්ඩායම අමතන ” බව කියාය..
එසේ කිරීමෙන් බලාපොරොත්තු වන දේ මාහට තාම සිතා ගන්නට නොහැකිය…. එය මා ආදර මා සමග තිරය බෙදා ගන්නා මාගේ සහෝදර සහෝදරියන්ද දමා ඇති බව දැක මා කලකිරුනි… දුක සැප බෙදාගත ඔවුන් එසේ කලේ ඇයිද යන්න මා දන්නේ නැති මන්ද ඔහුන් මට එකදු හෝ පණිවිඩයක් මට දුරකතනයට එවා නැත.. මාගේ දුරකථනය එක් දිනයක් ක්‍රියාවිරහිත කර තිබුනද මා නිශ්පදකවරයාට පලමු දිනම මට දින 2 ක විවේකයක් අවශ්‍ය බව දැනුම් දී පසුවයි එය ක්‍රියා විරහිත කරේ….
මා එයින් තේරුම් ගත්තේ මෙය හුදෙක් මාහට එල්ල කල අපහාසාත්මක දෙයකි, එතනින් පසුව මා ඔහුන් අමතා මේ තත්වය තේරුම් කල නමුත්.. මා හට එයට නිසි පිළිතුරක් හමුවුයේ නැත.. මා සිතනවා රංගන ශිල්පියෙකුටද අසනීපයක් හෝ වීඩාවක් දැනීමට හැකියාවක් ඇත මොකදයත් ඔහුන්ද මිනිසුන් වීම නිසා… නමුත් මා හට ආරංචී උයේ මා වෙනුවට වෙන අයෙක් මේ වෙනුවෙන් යොදා වැඩ කටයුතු කරනගන යන බවයී.. එය මා හට කිසිදු හිත් රිදීමක් නැත… මා හට ඇත්තේ මා ගත් දින දෙකට ඔහුන් ඒ තරම් දෙයක් කිරීමට අවශ්‍ය උනාද යන්නයී.. අසනීපයක් නම් කරුණිකව බැලීම
ඔහුන් ගේ මනුශ්යකමය..
මේ පොස්ට් මගින් ඇති වූ අපහසු තාවය මා සහා මාගේ පවුලේ අය දනී… එමගින් විශාල සමාජ මාධ්‍ය ගණනාවක මා ගැන මඩ පචාර එල්ල උනි… එමගින් ඇති වූ අපහසුතාවය නිසා මා ඔහුනට කියා සිටියේ මාහට දීමට ඇති හිඟ මුදල මා හට දීම සහා මගේ ගැන ඔහුන් පොස්ට් එකක් දාමා උන දේ අනෙක් අයට පැහැදිලි කිරිම කලහොත් මා මෙයට නැවතත් එන බවයී…
නමුත් එය කිරීම එයාලා කලේ නැත… මා සිතනවා වැරද්ද කාගේ උනත් කාන්තාවකට අපහස කීරිම පිරිමි කමට තියා මනුෂ්‍යය ගතියටද අවුලකි.. මොකද අපි සියලුම දෙනාට අක්කා ,නංගී , අම්මා කෙනෙක් සිටින නිසාය…
කොතරම් දේවල් කිවුවද ඔහුන් කාන්තාවකට කල අපහසය නිවැරදී කිරීම අපොහොසත් වීම දුකකට කරුනකී!!!
ඉන් පසු ඔහුන් වෙන කෙනෙක් යොදා නිර්මානය කරගන යාමට තීරණය කලේය.. තවද ඔහුන් කියා සිටියේ මේ චරිතය වෙනුවෙන් මා කල දෙයක් නැති බවත් ඔහුන් විසින් නිර්මානය , චරිතය, ප්‍රෙක්ශක ආදර ඇති කර බවත් ය.
මාගේ ආදරණීයම ප්‍රේක්ශකයාට කීමට ඇත්තේ.. මා මෙ නිර්මාණයෙන් ඉවත් උනේද මේ නිර්මාණයට අපහස කලේද නැත…
හිතයිශීට ආදරය කල සියලුම දෙනාට ස්තුතිය…
දුශේනි සමග ආදරයෙන් බැදීලා ඉන්න සියලුම දෙනාට ස්තුතිය… මා මෙය නිවැරදි කලේ මෙය අඩුම නිවැරදී කිරීමකට ඔහුන් අපෝසත් වීමය…. ඔහුන් මා සමග කතා කල සියලුම දුරකතන සංවාද… මා වෙනුවෙන් කතා කල පවුලේ අය කතාකරපු සංවාදද ඇත…!!
මා මෙතනින් පසුව පොස්ට් කිසිදෙයක් දමන්නේ නැත!
නමුත් මා හා කතාකීරිමට දෙයක් ඇත්නම් මගේ දුරකතනයට අමතන ලෙස කාරුනීකව ඉල්ලා සිටිමි.. මා සිතනවා දුවෙක් නංගි කෙනෙක් කාන්තාවක් හට ඇති වූ අපහසූතාවය නිවැරදී කිරීමට පොස්ට් එකක් හෝ දැමීමට බැරි වූ ඔහුන් මේ පොස්ට් එක දැක කුමක් හෝ දැමීම ලැජ්ජාවට කරුනක් වන බව නිසාය…
ඉතින් මා ආදරනීය මාගේ රසික රසිකාවනී…. ඔයාලා මට මහමෙරක්… ඔබ සියලුම දෙනාට මා හට සියලුම චරිත වලට ආදරය කිරීමට පටන් ගත්තේ මා නිසා බව මා දනිමි තවද,
මා මින් පෙර වැඩ කල නිර්මාණයට මා දායක උනේ නිර්මාණයේ මැදක සිටය.. මා රාජ කාරිය දේව කරීය කියා දනි.. එම නිර්මාණය වෙනුවෙන් එම චරිතයට මා පන දුන්නේය.. නිර්මාණ වල වගකීම මා හොදින් දන්නා බවට එය හොද නිදසුනකි!
ආයෙත් වතාවක් මා කියා සිටින්නේ මා මේ නිර්මාණයෙන් ඉවත් උනේ නැති බවත් ඔහුන් එය සදහා අයෙක් යොදා කරගන යන බවත්ය…
තවද මේ සියලුම දෙනාට සුබ පතනවා නිර්මාණය සාර්ථකව කරගෙන යාමට…. තවද නිර්මාණයක් සාර්ථක වන්නේ එක් අයෙක් හෝ දෙදෙනෙක් මත වන දෙයක් නොව සියලුම දෙනාගෙන් එකමුතුවෙන් වෙන දෙයක් වන බව මතක් කරමි
මා හා සිද මා ගැන සොයා බැලූ සියලුම දෙනාට ස්තුති! ඒ වගේම මාහට ආදරය කරන සියලුම ප්‍රේක්ශකයින්ට අවංකවම ස්තුති වෙමි… ඉදිරියේදිත් මා සමග ඉන්න බව මා හොදින් දනිමී..
මීට දුශේනි මියුරංගි ….
2025 මාර්තු 12, ප.ව. 9:34
2025 මාර්තු 12, ප.ව. 5:04
2025 මාර්තු 12, ප.ව. 3:10
2025 මාර්තු 12, පෙ.ව. 10:05
2025 මාර්තු 12, පෙ.ව. 9:42
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25