hit counter

2025 මාර්තු මස 12 වන බදාදා

2025 මාර්තු 12, ප.ව. 3:10



‘මායාවි’ ටෙලි නිර්මාණය තුළින් මේ දිනවල වඩාත් කතාබහට ලක්වන, ජනප්‍රිය රංගන ශිල්පිනි දුශේනි මියුරංගි සම්බන්ධව සටහනක් ඊයේ (09) සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක් වුණා.

සටහන තබා තිබුණේ, ‘මායාවි’ හි සහය අධ්‍යක්ෂකවරයා විසින්.

ඔහු සිය සටහනින් දුෂේනි හට දන්වා තිබුණේ, හැකි ඉක්මනින් මායාවි නාට්‍ය කණ්ඩායම අමතන ලෙසයි.

මේ සම්බන්ධයෙන් දුශේනි සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණා.

දුශේනිගේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් රංගන ශිල්පිනී ඕෂදී හේවාමද්දුම සිය මුහුණුපොතට සටහනක් එක් කර තිබුණා.

එම සටහන පහතින්,

තරුණ රංගන ශිල්පිනියන් අතර මම බොහොම ප්‍රිය කරන රංගන ශිල්පිනියන් අතර කෙනෙක්.. නමුත් ක්ෂේත්‍රයේ අවුරුදු 21 ක අත් දැකීම් අනුව, දිගින් දිගටම කා අතින් හෝ මෙවැනි වැරදි සිදුවේ නම්, ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂකවරුන්, නිෂ්පාදකවරුන් ඇතුළු වගකිව යුත්තන් සියල්ලම ඉදිරියේදිවත්, මෙවැනි අය නිර්මාණයකට සම්බන්ධ කර නොගන්නට තීරණය කළ යුතුයි.. වෘත්තිමයභාවය යනු විහිළුවක් නොවන බවත්, කලා ක්ෂේත්‍රය තුළ විනයක් සහිතව කටයුතු කළ යුතු බවත් මින් ඉදිරියට එන පරම්පරාව හෝ ඉන් පාඩමක් ඉගෙන ගනීවි…





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: