hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2025 මාර්තු 19, ප.ව. 11:23



ශ්‍රී ලංකාව සහ ලාඕසය අතර ජාත්‍යන්තර පාපන්දු තරගය හෙට ලාඕසයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

තරගය ඉලක්කය කර ගනිමින් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අවසන් පුහුණු සැසිය සඳහා අද එක් විය.

ආසියානු කුසලානයේ සුදුස්සන් තේරීමේ තරග වටයට කලින් ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන සුහද පාපන්දු තරගය ද මෙය වෙයි.

මෙම තරගයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම තායිලන්තය සමග මාර්තු මස 25 වනදා තායිලන්තයේ බැංකොක්හිදී තරග වදිනවාය.