hit counter

2026 ඔක්‍තෝබර් මස 14 වන බදාදා

2025 මාර්තු 28, පෙ.ව. 12:29



සංවිධානාත්මක අපරාධ කල්ලි පොලීසිය තුළටත් රිංගාගෙන ඇති බවත් ඇතැම් පොලිස් නිලධාරීන් එම කල්ලිවලට ගොදුරු වී ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න පවසයි.

“නීතිය ක්‍රියාත්මක කළේ නැත්නම් අපට කොහොමත් සාමයක් තියෙන්නේ නෑ. ඒකයි අපට පැවරිලා තියෙන වගකීම. නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පමණයි, අපට සාමය ස්ථාපිත කළ හැක්කේ. අද අපට සාමය ස්ථාපිත කරන්න බැරි ප්‍රධානම හේතු දෙකක් තියෙනවා. එකක් සංවිධානාත්මක අපරාධ, අනෙක මත්ද්‍රව්‍ය.

මේ දෙක මැඩලීමේදී අපි මුහුණ දෙන ගැටලු රාශියක් තියෙනවා. මේ සංවිධානාත්මක කල්ලි අප අතරටත් රිංගලා තියෙනවා. අපේ නිලධාරීනුත් ඒ අයට යටපත් වෙලා තියෙනවා. එහෙම සිදුවීම් වාර්තා වෙලා තිබෙනවා. අන්න එවැනි වාතාවරණයක ඔබ ඔබේ මේ රාජකාරිය ඉෂ්ඨ කරන්නේ.”

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ බව පැවසුවේ අපරාධ මර්දනයේදී දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරීන්ට ප්‍රශංසා සහතික සහ මුදල් ත්‍යාග පිරිනැමීම සඳහා ඊයේ (26) කොළඹදී පැවති උත්සවයක් අමතමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: