hit counter

2026 ඔක්‍තෝබර් මස 14 වන බදාදා

2025 මාර්තු 30, පෙ.ව. 12:24



විපක්ෂයේ වැඩියෙන්ම කෑගහන අය ඒ පිළිවෙලට හිරේ යනු ඇති බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දිනිඳු සමන් හෙන්නායක මහතා සඳහන් කරයි.

එනිසා පාර්ලිමේන්තුවේ වැඩිම සද්දෙට කෑ ගසන විපක්ෂයේ අයගේ නම් ලැයිස්තුව පිළිවෙලට තියාගතහොත් හිරේ යන ලැයිස්තුවද හඳුනා ගත හැකි බව ඒ මහතා කියා සිටියේය.

තම නිවාස වල රහස් පොලිසියෙන් පැමිණ ඇති බව ඔවුන් දන්නා ලෙස බවත් ඒ අනුව ඔවුන් සම්බන්ධයෙන් පරීක්ෂණ යන බව ඔවුන් දන්නා බවත් එනිසා හයියෙන් කෑ ගසන බවත් හෙතෙම කියා සිටියි.

එනිසා පාර්ලිමේන්තුවේ කෑගසන පිළිවෙල අනුව හිරේ යන බව සහතික කර කියන බවද ඒ මහතා තවදුරටත් කියා සිටියේ ජන හමුවක් අමතමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: