hit counter

2026 අප්‍රේල් මස 01 වන බදාදා

2025 අප්‍රේල් 01, පෙ.ව. 12:22



මඩ ගැසීම හෝ පෞද්ගලීක කාරණා වැනි දේ නොව පක්ෂයේ ප්‍රතිපත් ජනතාව අතරට ගෙනියන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පලාත් පාලන ඡන්ද අපේක්ෂකයින් ගෙන් ඉල්ලීමක් කර ඇත.

විශේෂයෙන්ම පෞද්ගලික කරුණු හෝ මඩ ගැසීමෙන් කිසිදු වාසියක් ඇති නොවන බවත් බුද්ධිමත් ජනතාව හැම විටම බලන්නේ ප්‍රතිපත්ති ගැන පමණක් බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.හැකි තරම් පක්ෂයේ ප්‍රතිපත්ති ජනතාව අතරට ගෙන යෑමට කටයුතු කරන ලෙසත් ගමින් ගමට ප්‍රතිපත්ති රැගෙන යන ලෙසත් නාමල් රාජපක්ෂ පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ පලාත් පාලන ඡන්ද අපේක්ෂකයින් නෙළුම් මාවතේදී හමුවූ අවස්ථාවේදීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: