hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2022 ජූලි 08, ප.ව. 3:36



ජනාධිපතිවරයාට හා  ආග්‍රාමාත්‍යවරයාට එරෙහිව අන්තර් විශ්ව විද්යාගල ශිෂ්‍ය බලමණ්ඩලට විසින්  සංවිධානය කරන විරෝධතා පා ගමන කැලණිය විශ්ව විදයාලය ඉදිරිපිටින් ආරම්භ කර තිබෙනවා.

දිවයිනේ  විශ්ව විද්‍යාල රැසකට අයත් තරුණ තරුණියන් රැසක් මේ සදහා එක්ව සිටිනවා.

හෙට පැවැත්වෙන විරෝධතාවට ද සමගාමීවයි අන්තරේ සිසුන් මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබෙන්නේ.

වසර 40ක පමණ දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මේ මොහොතේත් පුරවැසියාගේ හා රාජ්‍යයේ යහපත උදෙසා නිරන්තරයෙන් කටයුතු කරන ශක්තිමත් බලපෑම් කණ්ඩායමක්.