hit counter

2026 ජනවාරි මස 02 වන සිකුරාදා

2025 අප්‍රේල් 04, පෙ.ව. 12:09



ජනතාවට ශ්‍රී දළදා වහන්සේ දැකගැනීමට අවස්ථාව ලැබී ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කරන ලද ඉල්ලීමක් අනුව බව කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ මහනුවර, හාරිස්පත්තුව ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

ජනාධිපතිතුමාගේ ඉල්ලීමට දැන් 18 වෙනිදා සිට දළදා හාමුදුරුවෝ දැකබලා ගන්න ලැබෙන බවත්, රටම එන බැවින් දින 3ක් පමණ පෝලිමේ සිටීමට සිදුවිය හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය .

කෙසේවෙතත් එහි ගියත් ප්‍රතිඵල ලැබෙන බැවින් ඒ සඳහා සහභාගී වන ලෙස ලාල් කාන්ත අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: