hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2025 අප්‍රේල් 04, පෙ.ව. 7:58



IPL ක්‍රිකට් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් සහ කොල්කටා නයිට් රයිඩර්ස් අතර තරගය හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු 80කින් පරාජය විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 200ක් රැස්කළා.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට පන්දුවාර 16.4කදී කඩුලු 10යම දැවී ලබා ගත්තේ ලකුණු 120ක් පමණි.

ශ්‍රී ලංකා ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 27ක් හා ලකුණු 4 කට කඩුල්ලක් දවා ගත්තේය.

ඔහු තරගයේදී අත් දෙකෙන්ම පන්දුවාර ක්‍රියාත්මක කළේය.

මෙය කමිඳුගේ ප්‍රථම IPL තරගය ද විය.