hit counter

2026 සැප්‍තැම්‍බර් මස 23 වන බදාදා

2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 8:11



2026 ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නට ඉන්දියා කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ ශ්‍රී ලංකාව සමග පැවති අවසන් තරගය ලකුණු 147කින් ජය ගනිමින්.

ඒ අනුව ශ්‍රී ලංකාවට හිමි වුණේ රිදී පදක්කමයි.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 3ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 216ක්.

ලකුණු 217ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 15යි පන්දු 4ක් තුළ සියල්ලන් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 69ක් පමණයි.

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව දිනූ පළමු පදක්කම මෙය වනවා.