2026 සැප්‍තැම්‍බර් 21, ප.ව. 7:58
20 වන ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා අවසන් තරගයට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තා.
ඒ අවසන් පූර්ව තරගයේදී පාකිස්ථානය කඩුලු 8කින් පරාජය කරමින්.
ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 4ක් දැවී ලකුණු 177ක් ලබා ගත්තේය.
Shawaal Zulfiqar ලකුණු 54ක් ද, Ayesha Zafar ලකුණු 71ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 17.5කදී කඩුලු 2ක් දැවී ලකුණු 178ක් ලබා තරගය ජය ගත්තේය.
නායිකා චමරි අතපත්තු නොදැවී ලකුණු 83ක් ද, හසිනි පෙරේරා ලකුණු 42ක් ලබා ගත්තා.
ඉමේෂා දුලානි ලකුණු 27යි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව කාන්තා අවසන් තරගයේදී ලබන හෙට තරග වැදීමට නියමිතයි.
2026 සැප්‍තැම්‍බර් 19, ප.ව. 5:54
2026 සැප්‍තැම්‍බර් 18, ප.ව. 10:23
2026 සැප්‍තැම්‍බර් 18, ප.ව. 10:19
2026 සැප්‍තැම්‍බර් 15, ප.ව. 8:39
2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 8:24