2025 අප්‍රේල් 07, පෙ.ව. 12:02
ඉගෙනීම කියන එක මනුස්සයෙක්ට කොයිතරම් වටිනවද කියන එක මේ කොල්ලගේ අවංක වචන වලින් හරි තොපිට දැනුනා නම් දැන්වත් මගුල් නටන්නේ නැතුව ඉගෙනගනියව්.” මට O/L නෑ.. විභාග කන්නද? කොලිෆිකේශන් කන්නද? මම මෙතනට ආවේ ඔය මුකුත් නැතුව, ඒ වුනාට චාර්ටඩ් එකෞන්ටන්ලාම 100 කට වඩා මගේ යට ඉන්නවා..බ්ලා…බ්ලා..” කියල කයිය ගහන තැරි නාම්කි හම්පඩයොයි, පුවක් විකුනල මුත්තගේ කාලේ ඩිෆෙන්ඩර් එකක් අරන් පොර ටෝක් ඉශූ කරපු මූනේ කිරි මවිලක් වැවිල නැති වියලි කලාපේ පැංචොයිවනම්.. වැරදිලාවත් ආදර්ශයට ගන්න එපා.
WCB චරිත් මළයට රෙස්පෙක්ට් කරන්න ලොකුම හේතුව හැදුනේ ඊයේ මේක බලපු වෙලාවේ..මෑන්ස් කියපු දේට..
ඌටත් ඕන නම් ලහිරුට ඉන්ටර්වීව් දීපු සමහර උන් වගේ කියන්න තිබ්බා.. මම මේ ගේම ගැහුවේ ඔය ඉගනීම නැතුව.. ඕවා වැඩක් නෑ සාර්ථක වෙන්න.. සාර්ථක වෙන්න බ්‍රහ්ම මූර්ථෙන් නැගිටින්න ඕන වගේ..කතා කියන්න තිබ්බා නේද? බලහන් අධ්‍යාපනේ මිස් වුන නිසා ඌ කණගාටුවෙන තරම්
මම හැමදාම කියන්නේ දශකයකට වඩා ජනතාවගේ බදු සල්ලි වියදම් කරල, ඒවා වලින් යුනිෆෝම් දීලා, පොත්පත් දීල, ඩෙස්බංකු දීල, කොලිෆයිඩ් ගුරුවරුන්ට පඩි ගෙවල, විද්‍යාගාර, කොම්පියුටර් , පුස්ථකාල දීල වචනයේ පරිසමාප්තයෙන්ම නිකංම නිකං උගන්නල, නිකං ලියන්න දෙන විභාග දෙක පාස් වෙන්න බැරි නම් ඌ මිනිහෙක් නෙවෙයි. නොවැලැක්විය හැකි හේතුවක් නිසා මගහැරුන කෙනෙක් දෙන්නෙක් හැර මොන ජාතියේ මගුල් එක්ස්කියුස් කියන් ආවත් පුද්ගලිකව මට ඒ වගේ උන් පොරවල් නෙවෙයි.
රජකම ලැබුනත් වැඩක් නෑ බං අධ්‍යාපනයක් නැත්නම්? මගේ ඉස්කෝලේ( Richmond College එකේ) කම්කරු ලෙවල් එකේ ඉන්න මහත්මියක් ඒ ජොබ් එක කරනගමන් ඉගෙනගෙන උපාධියකුත් කරා කියල මම දැක්කා.
අම්මා අප්පා නැහිල නැහිල හම්බ කරල ඉස්කෝලේ යවල උගන්වන්න දගලනකොට බොලා ටික්ටොක් වල මෝටිවේශන් බිjjaවල් අහල අධ්‍යාපනේ අතරමග කඩාකප්පල් කරන් ඊලගට හැරෙන්නේ ඔන්ලයින් සල්ලි හොයන්න.
කාලයක් ලංකාවේ ඔන්ලයින් ඔන්තර්පූනර්ල කියාගනිපු සා.පෙළ පේල් එකෙක් ඒක ගැන සෑහෙන්න ආඩම්බර වෙලා මාර ලෙක්චර් ටිකක් තිබ්බා..ඉගෙනගන්න ඕන නෑ.. ඔන්ලයින් බිස්නස් කරහන් කියල දහස්ගානක් කොල්ලෝ කෙල්ලෝ අතරමං කොරල දැන් ඌටත් යන එනමක් නැතුව ඉන්නවා. උඹල එහෙම වෙන්න එපා.. තමන්ට ආත්මාභමාණයක් ලැබෙනවානේ?
ඕයී.. ඉගෙනගන්නවලා.. රජ වුනත් ඉගෙනගෙන නැත්නම් දොරටුපාලකයා වුනත් රජකම උස්සන්න බැරි නෑ.
අධ්‍යාපනේ කියන්නේ පුතාල උඹලට ලැබෙන අත්තටු.
2025 අප්‍රේල් 08, පෙ.ව. 12:13
2025 අප්‍රේල් 08, පෙ.ව. 12:09
2025 අප්‍රේල් 07, ප.ව. 1:52
2025 අප්‍රේල් 07, පෙ.ව. 12:08
2025 අප්‍රේල් 07, පෙ.ව. 12:04
08-04-25
08-04-25
08-04-25
08-04-25
08-04-25
08-04-25
07-04-25
07-04-25
07-04-25
07-04-25
07-04-25
07-04-25
07-04-25
07-04-25
07-04-25
07-04-25
07-04-25
07-04-25
07-04-25
07-04-25
06-04-25
06-04-25
06-04-25
06-04-25