hit counter

2025 අප්‍රේල් මස 16 වන බදාදා

2025 අප්‍රේල් 13, ප.ව. 4:31



ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේදී රට භාර ගැනීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙන කිසිඳු පුද්ගලයෙකු ලංකාවේ සිටි නොමැති බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.

අන්තර්ජාල නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, රනිල් වික්‍රමසිංහ මහතා මෙරට ආර්ථික ක්‍රමය නිවැරදිව කළමණාකරණය කළ බවයි.

ඒ සම්බන්ධයෙන් අග්‍රගන්‍යම පුද්ගලයා ‍රනිල් වික්‍රමසිංහ මහතා බවට පවසමින් “ඒකෙන්ම ඉපදුනා වගේ ආර්ථික ක්‍රියාවලියටම සෙට් වෙච්ච කෙනා තමයි රනිල් කියලා කියන්නේ යනුවෙන්ද ලාල්කාන්ත මහතා එහිදී කියා සිටියා.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ලාල්කාන්ත මහතා :

“ආර්ථිකය කඩා වැටුණු වෙලාවේ රනිල් ඇවිල්ලා ,,ආපු විදිහේ ප්‍රශ්න තියෙන අතර රනිල් මේ සිස්ටම් එක ඇතුලේ කළමනාකරණයක් කළා. ඒක තමයි ඇත්ත. ඒකට ඒ මොහොතේ වෙන මිනිහෙක් ලංකාවේ හිටියේ නැහැ. මහින්ද රාජපක්ෂ කියන්නේ ඒ වගේ කෙනෙක් නෙවෙයි.එතුමා දක්ෂයි සමාජයේ මිනිසුන් එක දේශපාලන කළමනාකරණය කරන්න.ආර්ථික කතාවේදී ඔහු ගැන කියන්න මොකවත් කතාවක් නෑ .මේ යන ආර්ථික ක්‍රියාවලිය එක්කම ගැටගැහිච්ච කෙනෙක් තමයි, ඒකෙන්ම ඉපදුනා වගේ එකටම සෙට් වෙච්ච කෙනා තමයි රනිල් කියලා කියන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ ඒ ආර්ථික ක්‍රියාවලිය අපි පිළිගන්නවා කියන එකනෙමෙයි. මේ සිස්ටම් එකේ නායකයා එයා. ජේ .ආර් ජයවර්ධන මහත්තයාගෙන් පස්සේ ඒ සිස්ටම් එකේ බිහි වෙච්ච අග්‍රගන්‍ය කෙනා තමයි රනිල් වික්‍රමසිංහ. ජනාධිපති උනාට පස්සේ රනිල් වික්‍රමසිංහ ඒ ගැන යම් කළමනාකරණයක් කළා”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: