hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2025 අප්‍රේල් 14, ප.ව. 7:29



ශ්‍රී ලංකා A – ඇෆ්ගනිස්ථාන A සහ අයර්ලන්ත A කණ්ඩායම තරගවදින තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලකුණු 45කින් ජය ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා A කණ්ඩායම පන්දුවාර 49.3ක් තුළ ලකුණු 264ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත A කණ්ඩායමට පන්දුවාර 44.5ක් තුළ සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 219ක් පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සහන් ආරච්චිගේ ලකුණු 78ක් ද, තරිඳු රත්නායක ලකුණු 35 හා කඩුලු 4ක් දවා ගත්තා.

මීට අමතරව දුෂාන් හේමන්ත ලකුණු 51කට කඩුලු 4ක් දවා ගත්තේය.