2025 අප්‍රේල් 27, ප.ව. 4:45
ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් පී.එල්.සී (AMF) සමාගම 2024 දෙසැම්බර් 31 වැනි දින අවසන් වූ මාස නවයක කාලය සඳහා විශිෂ්ට මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කර ඇත. ලාභය අතින් වාර්තා කර ඇති වර්ධනය, ශේෂ පත්‍ර ශක්තිය, සවිමත් ද්‍රවශීලතාවය වැනි කරුණු ගණනාවක් මෙම මූල්‍ය කාර්යසාධනය සඳහා හේතු සාධක වී ඇති අතර එය AMF සමාගම සතු ක්‍රමෝපායික හැකියාව සහ ප්‍රවේෂී අවදානම් කළමනකරණ ශක්තිය තව දුරටත් තහවුරු කරයි.
AMF සමාගම කොවිඩ්-19 වසංගතය සහ 2022 මූල්‍ය අර්බුදය නිසා ඇති වූ අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන්වලට ඉතා සාර්ථකව මුහුණ දීමට සමත් වූ අතර සමස්තයක් වශයෙන් මූල්‍ය ක්ෂේත්‍රය තුළ ණය දීමේ කටයුතු විශාල වශයෙන් අඩු වූ කාල සීමාවකදී පවා සිය ණය දීම් වර්ධනය කරගැනීමටත් ප්‍රාග්ධනය සහ ද්‍රවශීලතාවය සවිමත් කරගැනීම හරහා මූල්‍ය ස්ථාවරත්වය තහවුරු කරගැනීමටත් සමත් වීම සුවිශේෂත්වයකි.
AMF සමාගම විසින් අත්පත් කරගෙන ඇති විශිෂ්ට මූල්‍ය සාර්ථකත්වය පෙන්නුම් කරන කරුණු අතරින් බදු පෙර ලාභය (PBT) 133%ක වර්ධනයක් සහිතව එය රුපියල් මිලියන 781 ක් දක්වා ඉහළ නංවා තිබීමත්, බදු පසු ලාභය (PAT) 135%ක වර්ධනයක් සහිතව රුපියල් මිලියන 393 ක් දක්වා සවිමත්ව ඉහළ ගොස් තිබීමත් සුවිශේෂී වේ.
සම්පත් ප්‍රතිලාභ අනුපාතය (ROA) සහ ශුද්ධ වත්කම් ප්‍රතිලාභ අනුපාතය(ROE) පිළිවෙලින් 5.25% ක් සහ 15.25% ක් වශයෙන් වාර්තා වූ අතර සමාගමේ ප්‍රාග්ධන පදනම අවදානම් මත බර තැබූ වත්කම්වල (ද්වීතියික මට්ටම) අනුපාතයක් වශයෙන් ගත්කළ 15.49% ක් වශයෙන් වාර්තා වී ඇත. මේ සම්බන්ධයෙන් මහ බැංකුව විසින් නියාමනය කර ඇති අවම අනුපාතය වන 12.5% ක අනුපාතය පහසුවෙන් ඉක්මවා තිබීම AMF සමාගමේ ලාභදායී බව සහ වර්ධනය මනාව පෙන්වා දෙන්නකි.
AMF සමාගමේ සමස්ත වත්කම් රුපියල් බිලියන 20.39 ක් දක්වා වර්ධනය වී ඇති අතර ණය සහ ලැබිය යුතු ආදායම් රුපියල් බිලියන 12 දක්වා වර්ධනය වී ඇත. මෙමගින් සමාගමේ සවිමත් ණය සංචිතය සහ ණය ප්‍රදාන ක්‍රියාවලියේ සාර්ථකත්වය මනාව පෙන්වා දෙයි. තැන්පතුකරුවන් සමාගම මත තබා ඇති විශ්වාසය තව දුරටත් ශක්තිමත්ව වර්ධනය වන බව තහවුරු කරමින් සමාගමේ තැන්පතු වටිනාකම රුපියල් බිලියන 15.46 දක්වා ඉහළ ගොස් තිබීම ද විශේෂත්වයකි.
එමෙන්ම සමාගමේ සම්පූර්ණ හිමිකම 12%කින් ඉහළ යමින් රුපියල් බිලියන 3.63 ක් දක්වා වර්ධනය වී ඇති අතර කොටසක ශුද්ධ වටිනාකම් අගය (NAV) රුපියල් 32.07 ක් දක්වා ඉහළ යමින් කොටස් හිමිකරුවන් හට නිරන්තරයෙන්ම උපරිම ප්‍රතිලාභ ලබාදීමට සමාගම සතු හැකියාව මනාව තහවුරු කර ඇත. AMF සමාගම සිය සමස්ත වත්කම්වලින් ද්‍රවශීල වත්කම් ප්‍රමාණය 31.54% ක අනුපාතයක් වශයෙන් පවත්වා ගැනීමට සමත් වී ඇති අතර තත්කාලික ගෙවීම් කළමනාකරණය කරගැනීම සඳහා ඇති හැකියාව පෙන්වා දෙමින් සිය කෙටිකාලීන ද්‍රවශීලතා අනුපාතය 198% ක මට්ටමක පවත්වා ගැනීමට සමත් වී ඇත. මේ සියල්ල මූල්‍ය ක්ෂේත්‍රයේ සාමාන්‍යයෙන් පිළිගත් මට්ටමට වඩා ඉහළ වීම විශේෂත්වයකි.
මෙලෙස සියලු අංශයන්ගෙන් අත්පත් කරගෙන ඇති සාර්ථකත්වය AMF සමාගමේ සවිමත් පදනම, ක්‍රමෝපායික අවදානම් කළමනාකරණ ප්‍රවේශය සහ කොටස් හිමිකරුවන්ට දීර්ඝ කාලීන ප්‍රතිලාභ හිමි කරදීමට ඇති කැපවීම පැහැදිලිව ප්‍රදර්ශනය කරන බව පෙන්වා දිය හැකිය. AMF සමාගමේ මූල්‍ය ශක්තිය සහ පාලනය ඇගයීමට ලක් කරමින් ලංකා රේටින්ග් විසින් සමාගමේ ණය ශ්‍රේණිගත කිරීම BB- (Stable) සිට BB (Stable) දක්වා ඉහළ නංවාලීම මෙය තව දුරටත් තහවුරු කරන්නකි.
AMF සමාගම විසින් ක්ෂේත්‍රය තුළ අත්පත් කරගෙන ඇති සාර්ථකත්වය සහ ප්‍රමුඛස්ථානය තව දුරටත් අඛණ්ඩවම ඉදිරියට පවත්වා ගෙන යාම සඳහා එහි නව සභාපතිවරයා වශයෙන් සුරේන් ගුණවර්ධන මහතා මෑතකදී පත් කෙරුණු අතර සිය නායකත්වය යටතේ සමාගමේ අනාගත ක්‍රියාකාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය, “AMF සමාගම මේ දක්වා අත්පත් කරගෙන තිබෙන සාර්ථකත්වය අඛණ්ඩවම ඉදිරියට පවත්වා ගෙන යාම සඳහා තිරසාර සංවර්ධනය, ගනුදෙනුකරුවන්ගේ තෘප්තිය සහ වෙළඳපොල තත්ත්වයන්ට අනුගත වීම යන ඉලක්ක මත පදනම්ව ක්‍රියාත්මක වීම නව සභාපතිවරයා වශයෙන් මගේ අපේක්ෂාවයි.”
AMF සමාගමේ අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී ටී.එම්.ඒ. සලේ මහතා සමාගමේ ගනුදෙනුකරුවන් කේන්ද්‍ර කරගත් ව්‍යාපාර ප්‍රවේශය සහ විනයවත් පාලනය පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ “සමාගමේ වර්ධනය වෙනුවෙන් ඇති අපේ කැපවීම, සැළකිලිමත් බව සමඟ මනා සමබරතාව පවත්වා ගෙන යෑම නිසා අපට ව්‍යාපාර මෙහෙයුම්වල ස්ථාවරත්වය සහ ක්‍රියාකාරීත්වය යන දෙකම ඉහළ නංවා ගැනීමට හැකිවී තිබෙනවා. අපේ සාර්ථකත්වය ඔස්සේ පිළිබිඹු වන්නේ AMF කණ්ඩායමේ ධෛර්ය සහ සදාචාර සම්පන්නව ව්‍යාපාර කටයුතු සිදු කිරීමට අප තුළ වන කැපවීමයි”.
ඉදිරියේදී ඩිජිටල් ණය ලබා දීම වර්ධනය කිරීම, වෙළෙඳපොල කොටස් වර්ධනය කිරීම සහ නව තාක්ෂණය භාවිතයෙන් ආයෝජන ප්‍රවර්ධනය කිරීම හරහා ව්‍යාපාර ක්‍රියාවලීන් තව දුරටත් කාර්යක්ෂම කිරීම AMF සමාගමේ ඉලක්කයන් වේ. ඒ අනුව සිය සවිමත් ප්‍රාග්ධන පදනම සහ ද්‍රවශීල සංචිතයන් යොදා ගෙන වඩා වැඩි ශ්‍රී ලාංකිකයින් පිරිසක් මූල්‍ය ගනුදෙනු සඳහා ආකර්ෂණය කරගැනීමටත් වෙළෙඳපොල නැමියාවන්ට අනුගත වෙමින් අඛණ්ඩවම ව්‍යාපාර කටයුතු වර්ධනය කිරීමටත් සමාගම අපේක්ෂා කරයි.
AMF සමාගමේ සභාපති සුරේන් ගුණවර්ධන සහ අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී මර්වින් සලේ යන මහත්වරුන්ට අමතරව උප සභාපති – නාලත දයාවංශ, ශමල්කා දයාවංශ, ෂනිල් දයාවංශ, නිලංක පීරිස්, රනිල් විජේගුණවර්ධන සහ ටෞචිර කණ්ඩම්බි යන මහත්වරුන් AMF අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කරයි.
2025 අප්‍රේල් 28, ප.ව. 4:23
2025 අප්‍රේල් 28, ප.ව. 2:41
2025 අප්‍රේල් 27, ප.ව. 4:47
2025 අප්‍රේල් 25, ප.ව. 2:55
2025 අප්‍රේල් 24, ප.ව. 1:34