2025 අප්‍රේල් 28, පෙ.ව. 10:45
ජනප්‍රිය ගායක මනේජ් සංජය අලුත් අවුරුද්දේ කාගෙනුත් උදව්වක් ඉල්ලලා තිබුණා.
ඒ, පුංචි දරුවෙකුගේ ජීවිතයක් වෙනුවෙන්.
මේ මාසේ අවසානයට කලින්, දරුවගෙ ජීවිතය බේරගන්න ඉන්දියාවට අරන් යන්නයි මනේජ් මේ විදියට දායකත්වය දක්වන හැටියට ඉල්ලා තිබුණෙ.
මේ දරුවා ජීවිතේ හැර ගිහින් කියලා මනේජ් මුහුණුපොතේ සටහනක් තබා තිබෙනවා.
පුතේ ,
ඔයාව බේරගන්න මුළු ලංකාවෙම ඉන්න නැන්දලා මාමලා එකතු වෙලා එක රැයකින් ඔයාගේ සැත්කමට ඕන සල්ලි ටික හොයලා දුන්නා
ඔයාගේ අම්මා තාත්තා වෙනුවෙන් ඔයා හුස්ම ටික අල්ලගෙන ඉඳීවි කියලා අපි හැමෝම විශ්වාස කළා
ඔයාගේ සැත්කමට සියළු මුදල් එකතු උනාම ඔයා ජීවත් වෙයි කියන සතුටට ඔයාගේ අම්මට තාත්තට ඇඬුන හැටි මම දැක්කා
පුලුවන් ඉක්මනට ඔයාව හොඳ කරන්න ඉන්දියාවට ඉගිලෙන්න හැම දෙයක්ම එයාලා සූදානම් කරපු හැටි මට කිව්වා
සැත්කම කරන්න තිබුනේ ඔයාගේ අම්මගේ අක්මාවෙන් කොටසක් අරගෙන . ඒක සාර්ථක වෙන්න නම් අම්මට බර 5 kg අඩු කරගන්න කියලා තිබුනා.
මේ ටිකේම ඔයාගේ අම්මා ඒකට මහන්සි උනා දවස ගානෙම
ඒ ඔයා හුස්ම අල්ලගෙන ඉඳීවි කියලා
අපි හැමෝම බලන් හිටියා ඔයා හිනා වෙලා එනකල්
ඒත් ඔයා යන්නම ගිහින්
මට හරිම දුකයි පුතේ
මීට කලින් මේ රෝගයම තිබුන පුන්චි දරුවෝ හතර දෙනෙක්ම මම ඔබ එකතු වෙලා මේ වගේම මුදල් සම්භාරයක් එකතු කරලා දීලා සුව කළා
මම හිතුවෙම මේ දරුවත් ජීවත් වේවි කියලා
ඒත් එයාට පුන්චිම කාළයක් තිබිලා තියෙන්නෙ
මේ ලෝකේ වෙසෙන කිසිම දරුවෙකුට මෙවන් අකල් විපත් , මෙවන් රෝග නොවැළඳේවා
නිවන් සුව ලැබේවා පුතේ
2025 ජූලි 05, පෙ.ව. 12:08
2025 ජූලි 05, පෙ.ව. 12:08
2025 ජූලි 04, පෙ.ව. 12:06
2025 ජූලි 04, පෙ.ව. 12:02
2025 ජූලි 03, පෙ.ව. 10:20
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25