hit counter

2025 අප්‍රේල් මස 30 වන බදාදා

2025 අප්‍රේල් 30, පෙ.ව. 12:09



තාක්ෂණ වේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථමයා බවට නාරම්මල මයුරපාද මධ්‍ය විද්‍යාලයේ කාව්‍ය රවිහංස රොසයිරෝ පත්ව තිබේ.

කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයේ “ඒ” සාමාර්ථ 09 ක් ලබා ගනිමින් ඉහළින් සාපෙළ සමත්ව සිටියදී තාක්ෂණ වේදය විෂය තෝරන්නට උත්සාහ කළ නමුත් ශාන්ත ආනා විදුහලින් එල්ලවූ විරෝධය හා මවුපියන්ගේ අකමැත්තද මත ‘රණ්ඩු කර’

තාක්ෂණවේදය හැදෑරීමට ඇති කැමැත්ත හා ඇල්ම නිසා එය තෝරාගත් බවත් ඊට පාසල මාරු කරන්නට සිදුවූ බවත් පවසා තිබේ.

නාරම්මල මයුරපාද විද්‍යාලයට – 2023 වසරේ තාක්ෂණ විෂය ධාරාව හැදෑරීමට ඇතුළත්වූ ඔහු කාලයක් ගරාජයක වැඩ කළ බවද පවසා තිබේ.

“මම පාසල් නිම වෙලා ඇවිල්ලා පාඩම් වැඩ කළා. මට ලොකු අභියෝගයක් තිබ්බා ඒ සාමාර්ථ 09 ක් අරගෙන කුරුණෑගල හොදම ඉස්කෝලයක් දාල ආව හින්දත් ඒ අභියෝගය කරන ජයග්‍රහණයක් එක.මම ඒ ඉලක්කයත් ජය ගත්තා. කොරෝනා කාලෙ මගෙ කකුල කැඩුණා. බයික් එකෙන් වැටිල. ඒකට ප්‍රතිකාර ගන්න ගමන් ගෙදර ඉදලා. ඒ කාලෙ මගේ අම්මාගෙ අක්කාගෙ දුව අපේ ගෙදර නැවතිලා හිටිය. ඒ අක්කා දෙහිඅත්තකණ්ඩියෙ. එයා විභාගෙ ලියල ලකුණු මදි වුණ හින්දා අපේ ගෙදර ඉඳලා කුරුණෑගල පංති ගියා. එයා කළේ තාක්ෂණවේදය විෂය. ඊට පස්සෙ එයා ඒකෙන් හොඳ සමාර්ථයක් ගත්තා. මම ඒ දවස්වල ගෙදර හින්දා එයාගෙ පොත්පත් නිතරම බලනවා. ඒ හින්දා මට ඒ ගැන ආශාවක් ඇති වුණා. මම මෝටර් රථ තාක්ෂණය ගැන ගොඩක් ආශා කළා. ඔටෝ මොබයිල් පැත්තට. ඊට පස්සෙ මේ ළග ගරාජයක වැඩ ඉගෙන ගන්න ගියා. එහෙම තමයි මේ විෂය ඉගෙන ගන්න කැමැත්ත ආවේ.

මමයි නංගියි ගෙදර ඉන්නේ. තාත්තා යුද හමු­දාවේ විශ්‍රා­මික නිල­ධා­රි­යෙක්. මට පාඩම් වැඩ­ව­ලට ගෙදර හැමෝම උදව් කළා.නංගියි මමයි නිවසේ ඉන්නේ දවල් කාලයේ තමයි අපි දෙන්න පාඩම් කළේ. මම කව­දා­වත් ඇහැ­ර­ගෙ­න­වත් පාන්දර නැගි­ට­ගෙ­න­වත් පාඩම් කළේ නැහැ.දවල් කාලයේ තමයි සියල්ල කළේ. උසස් පෙළට ආවට පස්සේ මම හිතට අර­ගෙන වැඩ කළේ මොකක් හෝ ජයක් ලබන්න.පුදුම විදි­හට පසු­ගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කළා.මම මේ වන­විට අම්මා එක්ක කඩේක වැඩට යනවා.අපි මුදල් අය­කැ­මි­යන් විදි­හට වැඩ කර­මින් හිටියේ. ප්‍රති­ඵල ආවාම මගේ පවුලේ අය වගේම ඒ සිය­ලු­දෙ­නාත් ලොකු සතු­ට­කට පත්වුණා.මම කියන්නේ දෙන තර­මට තමයි ලැබෙන්නේ. අපි යාලූවො වැඩි පිරි­සක් එක ගෙද­ර­කට එක­තු­වෙලා එක එක්කෙ­නාට කියලා දෙනවා.ගොඩක් දෙනෙක්ට මම උදවු කළා වගේම මමත් අහ­ගත්ත අවස්ථා තිය­නවා.අපි එකට ගොඩ­යමු කියලා යෝජ­නා­ව­කයි අපි හිටියේ.ඒ හැම දෙනාම ඒ හා බී සාමා­ර්ථ­ව­ලින් සමත් වෙලා තිය­නවා දැක්කාම හරි සතු­ටුයි. ඒකයි මම කියන්නේ අපි දෙන තර­ම­ටම ලැබෙ­නවා කියලා.

මට මේ ගමන එන්න මගේ මව පියා එකම සහෝදරිය වගේම විදුහලේ විදුහල්පතිතුමියගෙ වගේම සම්පත් විජේසිංහ, දිලිනි හේරත්, කැලුම් ජයසිංහ යන ගුරු මහත්ම මහත්මීනුත් මගේ කටයුතු වෙනුවෙන් උදව් උපකාර කළ නමින් සඳහන් නොකළත් උදව් උපකාර කළ සියලු දෙනාත් මම අදහන ආගමට අනුව මගේ ගමන එන්නත් සාර්ථකත්වයට පත් වෙන්නත් හේතු වුණා. ඒ හැමටම මගේ ආදරය ගෞරවය ස්තූතිය පුද කරනවා ”

යැයි කාව්‍ය රවිහංස පැවැසුවේ නිහතමානීවය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: