2025 මැයි 01, පෙ.ව. 12:00
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
එම නිවේදනයේ දැක්වෙන්නේ අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බවයි.
ඒ අනුව දකුණු සහ බස්නාහිර පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බව සඳහන්.
මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇති විය හැකි බවයි වාර්තා වන්නේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
තවද මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
2026 ජූනි 20, පෙ.ව. 12:25
2026 ජූනි 20, පෙ.ව. 12:20
2026 ජූනි 20, පෙ.ව. 12:18
2026 ජූනි 20, පෙ.ව. 12:18
2026 ජූනි 20, පෙ.ව. 12:17
20-06-26
20-06-26
19-06-26
19-06-26
18-06-26
18-06-26
17-06-26
17-06-26
16-06-26
16-06-26
15-06-26
15-06-26
14-06-26
14-06-26
13-06-26
13-06-26
12-06-26
12-06-26
11-06-26
11-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26