hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2025 මැයි 11, පෙ.ව. 12:04



සිද්ධියෙන් දිවි අහිමි වූ පිරිස අතර ඔහුත් කෙනෙක්.. ඒ සිදුවීම බොහෝ දෙනාගේ හද කම්පා කරන්නක් වුණා..

බෙල් 212 යානය, අද උදෑසන මාදුරු ඔය ජලාශයට කඩා වැටුණා.. ඒ සිද්ධියෙන් 06 දෙනෙකුට දිවි අහිමි වූ අතර, පසිඳු ප්‍රනාන්දු ඒ අය අතර වුණු තවත් කෙනෙක් වුණා… ඔහු ගැන සමාජ මාධ්‍ය තුළ මේ ගෙවුණු හෝරා කිහිපය තුළ විවිධ දෙනා කතා වුණා..

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි..

පසිඳු ප්‍රනාන්දු, මේ අනතුරෙන් ජීවිතයට සමුදුන් තවත් එක් සෙබලෙක්..

ඔහුගේ ජීවිතය මේ තරම් ඉක්මනින් උදුරාගන්නා හදිසි අනතුරක් සිදුවේවි කියලා කිසිවෙකුත් හිතන්න නැතුව ඇති..

තම වෘත්තියට ඔහු දක්වන ආදරය සේම ගෞරවය පසිඳුව මේ තරම් දුරක් ගෙන ආවත් අද ඔහු නිහඬ වෙලා.. පාසල් යන කාලයේදී වගේම ඉන් එහාට ගිහින් වෘත්තීය ජීවිතය පවා ජයගනිමින් හොඳ ගමනක් ගිය මේ මිතුරා වෙනුවෙන් මුහුණු පොතේ සටහන් ගොඩක් පළවෙලා තිබුණා..

ඔහුගේ කරුණාව, ශක්තිය සහ ක්‍රීඩාශීලීත්වය කිසිදා අමතක නොවන්නා සේම පසිඳු බොහෝ දෙනෙක්ගේ හදවත්වල වීරයෙක් වුණා..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: