hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2025 මැයි 16, පෙ.ව. 10:27



සුප්‍රකට Forbes සඟරාවේ ඒ ලැයිස්තුව ඇතුළත් වුණු ඔවුන් කවුද..? මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්..

එම සඟරාව විසින් පළ කළ ආසියාවේ අවුරුදු 30න් පහළ විශිෂ්ටයින් තිස් දෙනාගේ නම් ලැයිස්තුවට ශ්‍රී ලාංකිකයින් තුන් දෙනෙකු ඇතුළත් වී තිබෙනවා…

එම තිදෙනා වන්නේ යූටියුබ් අවකාශය තුළ ලොව පුරා ජනාදරයට පත්ව සිටින සූපවේදියෙකු වන චරිත් එන් සිල්වා, ව්‍යාවසායිකාවක වන යානිකා අමරසේකර සහ අලෙවිකරණ හා ප්‍රචාරණ ක්ෂේත්‍රයේ කටයුතු කරන නිකින් මාතරආරච්චියි…

ශ්‍රී ලංකාවේ පළමු මාර්ගගත විවාහ ලියාපදිංචි කිරීමේ වේදිකාව වන Silver Aislein 2019 ආරම්භ කළ අතර, යනිකා මෙරට ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක ස්වාධීන අධ්‍යක්ෂවරියක් ලෙසද සේවය කරනවා..

චරිත් එන් සිල්වා, ග්‍රාහකයින් මිලියන 10 පසුකළ පළමු ශ්‍රී ලාංකික යූ ටියුබ් නාලිකාවේ හිමිකරුවා බවටද පසුගියදා පත් වුණා…





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: