hit counter

2025 ජූනි මස 06 වන සිකුරාදා

2025 මැයි 21, පෙ.ව. 12:09



තවමත් උතුරු නැගෙනහිර ආරක්ෂක වැඩපිළිවෙළෙහි අඩුපාඩු ගණනාවක් ඇති බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ප්‍රකාශ කරනවා.

ඔහු පවසන්නේ, විශේෂිත වූ ස්ථානවල කඳවුරු වැසීම, යාපනය පලාලි අධි ආරක්ෂිත කඳවුර හරහා පාරවල් විවෘත කිරීම නිල ඇඳුම හැඳ සිටි අයකු ලෙස අනුමත කළ නොහැකි බවයි.

එමෙන්ම හමුදාව කඳවුරුවලට සීමා කිරීම අනතුරුදායක බවත් කැනඩාව වැනි රටවල සිටින ඩයස්පෝරාවට මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් දහ දෙනෙකු යාපනයේ බිහි කිරීමට හැකියාවක් නැතැයි සිතිය යුතු නැති බවත් සරත් ෆොන්සේකා පෙන්වා දෙනවා.

ඒ, අනුව සහරාන්ලා මෙන් එම ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් දියත් කළහොත් නැවත සිය ගණනක් කඳවුරු ඇති කිරීමට සිදුවිය හැකි බවත් එවැනි තත්ත්වයක් ඇති නොවීමට වග බලාගත යුතු බවත් ඔහු අවධාරණය කරනවා.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙම කරුණු අවධාරණය කළේ, රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: