hit counter

2025 මැයි මස 21 වන බදාදා

2025 මැයි 21, ප.ව. 1:03



72 වන ලෝක රූ රැජින තරඟාවලියේ, දක්ෂතා අංශයෙන් අවසන් තරගකාරිනියන් අතරට තේරී පත්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර සමත්ව තිබෙනවා.

මෙම තරග අංශයේ මූලික වටයේදී ලොව සෑම මහද්වීපික කලාපයක්ම නියෝජනය කරමින් තරගකාරිනියන් 100කට ආසන්න පිරිසක් තරග වැදුණු අතර, අනුදි Asia and Oceania මහද්වීපික කලාපයෙන් මෙලෙස අවසන් තරගකාරිනියන් අතරට තේරීපත්ව සිටියි.

ඒ අනුව Talent Competition අංශයෙන්, රූමතියන් 24 දෙනෙකු අවසන් වටය සඳහා සුදුසුකම් ලබා තිබේ.

ඔවුන් මැයි 23 වැනිදා නැවත වරක් තරගවැදීමට වේදිකාවට පිවිසෙනු ඇති.

මේ අතර, අනුදි අද (21) Miss World තරගාවලියේ ප්‍රධාන තරගයක් වන Head 2 Head Presentations තරග අංශය සඳහා ඉදිරිපත්වීමට ද නියමිතය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: