hit counter

2025 මැයි මස 24 වන සෙනසුරාදා

2025 මැයි 24, පෙ.ව. 12:05



ඔවුන්ගේ පවුල හරි ආදරණියයි..

ඕනෑම කෙනෙක්ට ඉදිරියට යන්න නම් තමගේ පවුල ලොකු ශක්තියක් වෙනවා..

ඇයටත් ඒක එහෙම්මම වෙන්න ඇති.. අනුදි කියන්නේ ඔවුන්ගේ වැඩිමහල් දියණියයි.. අද ඇය ලොවක් ඉදිරියේ මේ පුංචි රටේ නම ලෝකයටම ගෙන යන්න වෙහෙස මහන්සි වී කටයුතු කරනවා.. ගුණසේකර පවුලේ වැඩිමහල් දියණිය අනුදි ගැන මුහුණු පොතේ පළවුණු තවත් ආදරණීය සටහනක් තමයි මේ..

ආදරණීය දියණී අනුදි ගුණසේකර,
ඔබ දැනටමත් ජයග්‍රහණය කර අවසන් යැයි සිතේ..
මෙවර ලෝක රූ රැජින තරඟයට ලක් මව නියෝජනය කිරීමට සූදානම් වන ඔබ සතුව ඇත්තේ රූමත්බව පමනක්ම නොවේ..
ඒ රූපය හා බැඳුණ මනා පෞරුෂයත්වය , නිසි ලෙස ලද උසස් අධ්‍යාපනය, අත්‍යවශ්‍යම වූ අංශ කෙරෙහි දක්වන සමාජ සත්කාර වැඩ සටහන්,මනා හික්මීම, සංවරකම, නිහතමානීකම යන මේ සියල්ල සමඟම , සමාජයේ බොහෝ දෙනාගේ ආදරය ගෞරවය දිනාගත් ආදරණීය අවංක ගුණගරුක මිනිසෙකු හා ගැහැණියකගේ කුළුඳුල් දියණිය වී ඔවුන් දෙදෙනාගෙන් ලද යහපත් ගුණාංග, ආදරය හා මඟ පෙන්වීම මත හැදී වැඩෙන්නට හැකි වීමද ඔබ දැනටමත් ජයග්‍රහණය කර ඇතැයි කීමට මට ඇති කාරණාය..
එපමනක්ද නොවේ.. රටේ සමස්ත ජනතාවගෙන් මෙන්ම ඔබේ උපන් ගම වන අනුරපුර රාජධානියේ සියල්ලන්ගෙන් ඔබ ලබන ආදරය කෙතරම් විශාලදැයි දැනටමත් ඔබට වැටහෙනවා නොඅනුමානය..
ඉතින් දියණියේ තරඟාවලියේ සියලු අංශවලින් උපරිම දක්ශතා දක්වන්නට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා.. ආදරණීය ලක් මවගේ හිස මත ලෝක රූ රැජින කිරුළ පළඳන්නට ඔබට හැකි වේවා…
එහෙත් නැවතත් කියමි..

ආදරණීය දියණී ඔබ දැනටමත් කිරුළ හිමි කරගෙන අවසන්ය..
ඔබ අපේ ලෝක රූ රැජිනයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: