hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 ජූලි 10, ප.ව. 5:02



ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අරගලකරුවන් මේ වනවිට ජනාධිපති මන්දිරය තුළ සැරිසරමින් විවිධ ක්‍රිියාකාරකම්වල නියුතු වන අන්දම දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා.

ඇතැම් පිරිසක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නිදන කාමරයටද ඇතුළු වී ඔහුගේ ඇද මත වාඩි වී සිටින අරයුරුද, ඇතැමුන් නානාකාමරයේ සිට කළ යම් යම් දේද මේ ඡායරූප තුළ අන්තර්ගත වෙනවා.

අරගලකරුවන් එහි නාන තටාකයට බැස දිය කෙළින අයුරු ද නිල නිවසේ වහලයට නැඟ සැරිසරන අයුරු ද දැකගත හැකි වුණා.

මේ අතර පුද්ගලයෙකු හරි අපූරු ලෙස පියානෝවක් වාදනය කරන වීඩියෝවක් සමාජ මාධ්‍යට එකතු කර තිබුණා.

එම වීඩියෝව පහතින්,

https://streamable.com/5twnw2