2025 ජූනි 09, පෙ.ව. 10:19
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි නොකළ ජංගම දුරකථන සහ සන්නිවේදන උපකරණ භාවිතය ඉදිරියේදී තහනම් කිරීමට එම ආයතනය සැලසුම් කර ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් බන්දුල හේරත් මහතා සඳහන් කරයි.
මෙම පියවර ගැනීමට හේතුව වන්නේ නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන, ප්‍රමිතීන්ට අනුකූල නොවන සන්නිවේදන උපකරණවලින් ජනතාවට වන අපහසුතා සහ තොරතුරු තාක්ෂණික අවහිරතාය.
කර්මාන්තයට නව ආරක්ෂිත ක්‍රමවේදයක් හඳුන්වාදීමටත්, ලියාපදිංචි නොකළ උපකරණ හඳුනාගැනීම සඳහා ස්වයංක්‍රීය පද්ධතියක් මේ මස අවසානයේ සිට ක්‍රියාත්මක කිරීමටත් කොමිෂන් සභාව සැලසුම් කර තිබේ.
කෙසේ වෙතත් දැනට භාවිතයේ පවතින ජංගම දුරකථනවලට මෙය බලපෑමක් නොවන අතර, විදේශිකයින්ගේ ජංගම උපකරණ භාවිතයද මේ ක්‍රමවේදයෙන් බාධා නොවන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් පැවසීය.
“අප ආයතනයේ ප්‍රධාන වගකීම වන්නේ නීතියානුකූල නොවන උපකරණ රට තුළ විකිණීම වලක්වා ජනතාවට ආරක්ෂිත, විශ්වාසදායක සන්නිවේදන පරිසරයක් සපයීමයි,” යැයිද ඔහු අවධාරණය කළේය.
2025 ජූනි 09, ප.ව. 3:54
2025 ජූනි 09, ප.ව. 3:16
2025 ජූනි 09, පෙ.ව. 12:11
2025 ජූනි 09, පෙ.ව. 12:11
2025 ජූනි 09, පෙ.ව. 12:08