hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2025 ජූනි 20, පෙ.ව. 9:05



බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම තෙවන දිනට අතරගය නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 368ක් ලබා ප්‍රබල තත්ත්වයක සිටියේය.

බංග්ලාදේශය පළමු ඉනිමට රැස්කළ ලකුණු 495 වඩා ශ්‍රී ලංකාව පසුපසින් සිටින්නේ තවත් ලකුණු 127ක් පමණි.

සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ඉහළම ඉනිම ක්‍රීඩාකළ පැතුම් නිස්සංක පන්දු 256කට මුහුණ දී ලකුණු 187ක් රැස්කරගෙන සිටි අතර, එම ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 23ක් ඇතුළත් විය.

මෙය පැතුම්ගේ හොදම ටෙස්ට් ඉනිමයි.

පැතුම්ට අමතරව දිනේෂ් චන්මාල් ලකුණු 54ක් රැස්කළ අතර, සිය අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩාකරන ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 39කට දැවි ගියේය. 

එහිදි ඇන්ජලෝ මැතිස්ව් වෙනුවෙන් බංග්ලාදේශ ක්‍රීඩකයින් ද ගෞරවය පුද කළ සිටියා.