2026 සැප්තැම්බර් 10, පෙ.ව. 12:05
කටාර් දෝහා නගරයේ පැවැත්වෙන 2026 ලෝක විශ්වවිද්‍යාල බර ඉසිලීමේ තරගාවලියේ පළමු දිනයේ පැවති තරඟවලදී ශ්‍රී ලංකාව රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අවිඳු ලියනගෙදර විසින් කි.ග්රෑ. 60 බර පංතියේ රන් පදක්කම දිනාගත් අතර සබරගමුව විශ්වවිද්‍යාලයේ නිපුන් දිසානායක විසින් කි.ග්රෑ. 65 බර පංතියේ ලෝකඩ පදක්කම දිනාගන්නා ගත්තා.
වසර 60 ඉක්මවූ ලෝක විශ්වවිද්‍යාලීය ක්‍රීඩා ඉතිහාසයේ කුමන හෝ ක්‍රීඩාවක ශ්‍රීලාංකික ක්‍රීඩකයෙකු දිනාගත් පළමු පදක්කම් ලෙස ඉතිහාසයට එක්වේ.

Results
60 kg Category – Men
1. Avindu Liyanagedara
Sri Lanka
Snatch – 105 kg
Clean & Jerk – 132 kg
Total – 237 kg
2. Gomez Martinez
Spain
Total – 228 kg
3. Chun-Yen Tang
Chinese Taipei
Total – 227 kg
65 kg Category – Men
1. Mohhadov Tehran
Iran
Total – 289 kg
2. Ion Badanev
Moldova
Total – 288 kg
3. Nipun Dissanayake
Sri Lanka
Snatch – 100 kg
Clean & Jerk – 120 kg
Total – 220 kg
ශ්‍රීලංකා විශ්වවිද්‍යාලීය ක්‍රීඩා සංගමය විසින් මෙම තරඟය සඳහා ක්‍රීඩකයන් පස් දෙනෙකු සහ ක්‍රීඩිකාවන් දෙදෙනෙක් ඉදිරිපත් කරන ලද අතර කණ්ඩායමේ කළමනාකරු සහ පුහුණුකරු ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ සුජාන් වල්ගම්පාය මහතා කටයුතු කරනු ලබයි.
තරගාවලිය සැප්තැම්බර් 12 දින තෙක් පැවැත්වෙයි.
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 6:41
2026 සැප්තැම්බර් 06, පෙ.ව. 10:55
2026 සැප්තැම්බර් 05, ප.ව. 9:12
2026 සැප්තැම්බර් 04, ප.ව. 11:55
2026 සැප්තැම්බර් 04, ප.ව. 11:49