hit counter

2025 ජූලි මස 10 වන බ්‍රහස්පතින්දා

2025 ජූලි 10, පෙ.ව. 12:50



මහියංගණය ප්‍රදේශයේ අවුරුදු 15ක පාසල් දරුවෙකුට ඒඩ්ස් වැලඳී ඇතැයි තහවුරු වී තිබේ.

ලෝක චර්ම සෞඛ්‍ය දිනය වෙනුවෙන් රෝහල් කාර්යමණ්ඩල සාමාජිකන් දැනුවත් කිරීම සඳහා ඌව සායනික සංගමය විසින් සංවිධානය කර තිබූ වැඩසටහනකට එක්වෙමින් බදුල්ල සහකාර පොලිස් අධිකාරි ජී. ඩබ්.බී.එස් පළිපාන මහතා මේ බව අනාවරණය කළේය.

එහිදී අදහස් දැක්වූ සහකාර පොලිස් අධිකාරි ජී. ඩබ්.බී.එස් පළිපාන මහතා,

“පාසැල් යනවා කියල නැතිනම් උපකාරක පන්ති යනවා කියල සමහර ළමයි ගිහිල්ලා කැලෑවල ඉන්නේ. එහෙම හිටියම මේ ළමයින් හැදෙන ලෙඩ රෝගත් තියෙනවා.

සොරබොර වැවට ළමයි 15ක් විතර උදේට ගිහින් තිබුණා. අපි මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස වෙනම ගාඩ් එකක් දාලා තියෙන්නේ. මහියංගණය ප්‍රදේශයේ අවුරුදු 15ක ළමයෙකු ඒඩ්ස්වලට ගොඳුරුවූ බව ළඟදි අනාවරණය වුණා. අවුරුදු 16ට අඩුනම් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් තව කෙනෙක් එක්ක යන්න බැහැ.” 

මහියංගණය ප්‍රදේශයේ අපි දකිනවා අද දකින ළමයා නොවෙයි හෙට ඉන්නේ. ගැහැණු ළමයි සුදුවෙලා අමුතුයි’ හිතාගන්න බැරි සුදක් තියෙන්නේ. මහියංගණයේ ඉස්සර එහෙම ළමයි හිටියේ නැහැ. රූපලාවන්‍යාගාරවලට ගිහින් ස්වාභාවික ලස්සන නැති කර ගන්නවා. වෛද්‍ය නිර්දේශයක් නැතිව රූපලාවන්‍ය ද්‍රව්‍ය ෆාමසිවලින් හිතුමතේට නිකුත් කරනවා.

ඒ නිකුත් කිරීම තුළින් ළමයිගේ හමේ තියෙන පැහැපත්බව නැති කරගන්නවා. නොයෙකුත් ක්‍රීම් වර්ග භාවිතා කරලා සමහර අයගේ මුණවල්වලින් ගන්න දෙයක් නැහැ. විරුපී වෙලා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: