hit counter

2026 සැප්‍තැම්‍බර් මස 02 වන බදාදා

2025 ජූලි 15, පෙ.ව. 12:08



තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටි ජනාධිපති මාධ්‍ය ඒකකයේ තොරතුරු පනතේ යම් යම් ප්‍රතිපාදන භාවිතයෙන් ලබා නොදීම ආන්දෝලනයට ලක්ව ඇති බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

මෙම තොරතුරු ලබා නොදීමට හේතුව ජනාධිපති මාධ්‍ය ඒකකයට අනුයුක්ත කොට තිබෙන ජවිපෙ කාඩරයන් හෙළිදරව් වීමට වැළැක්වීමට යැයි චෝදනා එල්ල වන බවයි, මහචාර්වයවරයා සඳහන් කරන්නේ.

ජනතා මුදලින් වැටුප් ලබන පිරිසක් සැඟවීමට ආණ්ඩුවට අයිතියක් නොමැති බවත් එය තමන් අනුමත නොකරන බවත් ප්‍රකාශ කරන නිර්මාල් දේවසිරි, ජවිපෙ පැලවත්ත කාර්යාලය රාජ්‍ය බලය කේන්ද්‍රීය ස්ථානය බව ද අවධාරණය කරයි.

අන්තර්ජාලය ඔස්සේ ප්‍රකාශයක් සිදුකරමින් හෙතෙම මේ බව කියා තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: