2026 ජූලි 21, පෙ.ව. 12:10
තමන් අග්‍රාමාත්‍ය ධුරයට පත්වන තෙක් සිය ඇඳුම් පැළඳුම් පිළිබඳව ජනතාව අතර මෙතරම් කතාබහක් ඇතිවනු ඇතැයි කිසිසේත් අපේක්ෂා නොකළ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසයි.
ලංකා කාන්තා ව්‍යවසායක මණ්ඩලය විසින් කොළඹදී සංවිධානය කරන ලද ජාත්‍යන්තර විලාසිතා සතිය සහ 2026 ජාත්‍යන්තර සමුළුවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ තමන් සාමාන්‍යයෙන් විලාසිතා ක්ෂේත්‍රය සමඟ සමීප සම්බන්ධතාවක් පවත්වන අයෙකු නොවන බවයි.
“විලාසිතා කියන්නේ හුදෙක් ඇඳුම් පැළඳුම් හෝ මෝස්තර පමණක් නොවෙයි. එය අපේ අනන්‍යතාවයේ කොටසක්. කාන්තාවන් දෙස සමාජය බලන ආකාරය සහ ඔවුන් ඇගයීමට ලක්වන ආකාරය කෙරෙහි විලාසිතා විශාල බලපෑමක් කරනවා,” යැයි ඇය පැවසුවාය.
විලාසිතා ක්ෂේත්‍රය යනු කාන්තාවන් සවිබල ගැන්වීමට මෙන්ම ආදායම් උත්පාදනයට ද ඇති ප්‍රබල මාර්ගයක් බවත්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ එය ඉතා වැදගත් ස්ථානයක් ගන්නා බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.
ලංකාවේ විලාසිතා ක්ෂේත්‍රයේ ප්‍රධාන බලවේගය කාන්තාවන් බව පෙන්වා දුන් ඇය, මෙය රටේ ආර්ථිකයට සෘජුවම දායක වන ක්ෂේත්‍රයක් බව ද වැඩිදුරටත් සඳහන් කළාය.
2026 අගෝස්‍තු 12, ප.ව. 12:49
2026 අගෝස්‍තු 12, ප.ව. 12:45
2026 අගෝස්‍තු 12, ප.ව. 12:40
2026 අගෝස්‍තු 12, ප.ව. 12:36
2026 අගෝස්‍තු 12, ප.ව. 12:00
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
10-08-26
10-08-26
10-08-26
10-08-26
09-08-26
09-08-26
08-08-26
08-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26