hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2025 අගෝස්‍තු 05, පෙ.ව. 10:05



පොලිස්පති ධුරයේ රාජකාරී කිරීම අත්හිටුවා ඇති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ විවාදය අද (05) දින පැවැත්වීමට නියමිතව ඇත.

අද පෙරවරු 11.30 පස්වරු 04.00 දක්වා දේශබන්දු තෙන්නකෝන් 2002 අංක 05 දරණ නිල ධරයෙන් ඉවත් කිරීමේ (ක්‍රියා පටිපාටිය) පනතේ 17 වැනි වගන්තිය ප්‍රකාරව එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාව විවාදයට ගැනිමට නියමිතය.

එම යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වීමෙන් අනතුරුව ඡන්ද විමසීම අද දින පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

යෝජනාව සම්මත වීමට නම් නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව සියලුම මන්ත්‍රීවරුන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් එනම් 113 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කළ යුතුයි.

අද පස්වරුවේ එම යෝජනාව සම්මත වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් නෙරපා හරිනු ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: