hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2025 අගෝස්‍තු 07, පෙ.ව. 12:23



ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන වෙනස්කම් සිදු කිරීමට අවුරුදු 15-20ක් බලයේ සිටිය යුතු බව චීන කොමියුන්ට් පක්ෂය තමන්ට පැවසූ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

අවුරුදු පහකින් වෙනස්කම් කළ නොහැකි බවත් ඡන්ද හතරක් පහක්වත් ජයගත යුතුව ඇති බවත් ඔවුන් පැවසුවේ යැයිද හෙතෙම සඳහන් කරයි.

පසුගියදා චීනයේ සිදුකළ සංචාරය අතරතුර චීන කොමියුනිස්ට් පක්ෂ නායකයන් සමග පැවති සාකච්ඡාවලදී මෙම අදහස් හුවමාරු කර ගත් බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

අන්තර්ජාල නාලිකාවක් සාකච්ඡාවකට එක් වෙමින් ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා මෙම අදහස් පළ කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: