hit counter

2025 ඔක්‍තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා

2025 අගෝස්‍තු 09, පෙ.ව. 12:11



වසර 13ක් පුරා රටේ ජනතාව නොමඟ යවමින් පටු දේශපාලන වාසි තකා පැතිරුණු කටකතා වෙනුවට සත්‍ය අනාවරණය වී තම සමාගම ලැබූ ජයග්‍රහණයක් බව සුප්‍රීම් සැට් පෞද්ගලික සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

SUPREMESAT -1 චන්ද්‍රිකාව මේ වන විට 87.5° නැගෙනහිර කක්ෂයේ නිවැරදිව සක්‍රිය ලෙසින්  පවතින බවත් මූලික දියත් කිරිමේ සිටම චන්ද්‍රිකාව විද්‍යානුකූලව ස්ථානගත කර තිබෙන බව එම නිවේදනයෙන් පෙන්වා දී තිබෙනවා.

එහි සභාපති ආර්.එම්. මනිවන්නන් මහතා නිවේදනය මඟින් වැඩිදුරටත් සඳහන් කරන්නේ නිරන්තරයෙන් සුප්‍රීම් සැට් රටේ ප්‍රගමනය වෙනුවෙන්, නවෝත්පාදන ක්ෂේත්‍රයට දායකත්වය දක්වමින් තවදුරටත් සමාගමේ කීර්ති නාමය ප්‍රවර්ධනය කරමින් ජාත්‍යන්තර ප්‍රමිතියේ වාණිජ අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ කොටස්කරුවෙකු ලෙස ඉදිරියටත් කටයුතු කරන බවයි.

SupremeSat සමාගම බහු නෛතික රාමු යටතේ නිසි දේශීය හා අන්තර්ජාතික නීති රෙගුලාසීන්ට යටත්ව, නිසි අවසරයන් යටතේ ජාත්‍යන්තර තාක්ෂණික ප්‍රමිතීන් හා නියාමනයන්ට යටත්ව ක්‍රියාත්මක වන බව එහි සඳහන් වනවා.

එමෙන්ම නිසි දැනුමක් හෝ අවබෝධයක් නොමැතිව ජනතාව නොමඟ යවමින් සිය දේශපාලනය කිරීමට වෙර දරන පිරිස් හා ඔවුන්ගේ පදනම් විරහිත හිස් ප්‍රකාශ සම්බන්ධයෙන් තම සමාගම දැඩිව කනගාටුව ප්‍රකාශ කරන බවද අදාළ නිවේදනය මඟින් ඔවුන් වැඩිදුරටත් පවසනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: