2025 අගෝස්තු 25, පෙ.ව. 10:55
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කොළඹදී හෙට (26) දින විරෝධතාවක් සංවිධානය කර ඇතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි.
එම පක්ෂය පවසන්නේ පක්ෂ නායකයන්, පාර්ලිමේන්තු මන්ත්රිවරුවරුන්, හිටපු මැති ඇමතිවරුන් ඇතුළුව දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම දේශපාලන ක්‍රියාකාරීන් දහස් ගණනක් මෙම උද්ඝෝෂණයට එක්වන බවයි.
එමෙන්ම මෙම විරෝධතාවට සමගාමීව ආරක්ෂක විද්‍යාලය අසල සිට කොටුව දෙසට විරෝධතා පාගමනක් සංවිධානය කර ඇතැයි ද එක්සත් ජාතික පක්ෂය පවසයි.
මේ අතර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සෙත්පතා දිවයින පුරා ආශීර්වාද පූජාවන් හා බෝධි පූජා වැඩසටහන් සංවිධානය කර ඇතැයි ද එම පක්ෂය සඳහන් කරයි.
අනුරාධපුර රුවන්වැලි මහා සෑරදුන් අබියසදී ආශීවාර්ද පූජාවක් ඊයේ (24) පවත්වා තිබේ.
‘මර්දනය නවතනු – ප්රජාතන්ත්රවාදයට අත නොතබනු’ මැයෙන් දකුණේ ජනතා විරෝධය ගාල්ල බස්නැවතුම්පළ ඉදිරිපිටදී අද දින සවස 3:00ට පැවැත්වෙන බව ද එම පක්ෂය පවසයි.
2025 අගෝස්තු 26, පෙ.ව. 12:19
2025 අගෝස්තු 26, පෙ.ව. 12:14
2025 අගෝස්තු 26, පෙ.ව. 12:13
2025 අගෝස්තු 26, පෙ.ව. 12:11
2025 අගෝස්තු 26, පෙ.ව. 12:09
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25